දුම්බර කෙතට වැට බැදලා රැකුම් බැලුම්
මහවැලි ගඟේ දිය ගලලා කෙතට ගිලුම්පෙම්බර ලියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවකි දුම්බර කෙතේ නෙලුම්
වරම්ගතිමි ඉර සඳ දෙවි අතින් වරම්
වරම් ගතිමි මිහිකත දෙවි අතින් වරම්
වරම් ගතිමි සක්වල දෙවි අතින් වරම්
වරම් ගොයම් කව්පුමට දෙවිඳුගෙන් වරම්
තෙල් ගාලා ඉස පිරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැදගන් නෑනෝ
සේලේ අරගෙන ඇදපන් නෑනෝ
ගොයමි නෙළන්නට යමු අපි නෑනෝ
ඉරැ දෙවියෝ වැඩිය තැනේ
බොල් පිණි ගිලිහෙයි සැනිනේ
සද දෙවියෝ වැඩිය තැනේ
කරැවල නොතිබෙයි එතනේ
පසේ බුදුන් වැඩිය තැනේ
පස්පව් දුරැවෙයි සැනිනේ
ගන දෙවියෝ වැඩිය තැනේ
නුවණ වැඩෙනවා නිතිනේ
මේ කොතනින් ගෙනා ගොනා
රැහුණු රටින් ගෙනා ගොනා
කොඹ මැඩුමට ගෙනා ගොනා
කොඹ මැඩුමට හොදයි ගොනා
ගොනුගෙ පයේ රනෙන් විල්ල
අපේ පයේ රිදි විල්ල
කමත වටේ කරැකැ විල්ල
උනා වරෙන් බැත වලල්ල
වරම් ගතිමි මිහිකත දෙවි අතින් වරම්
වරම් ගතිමි සක්වල දෙවි අතින් වරම්
වරම් ගොයම් කව්පුමට දෙවිඳුගෙන් වරම්
තෙල් ගාලා ඉස පිරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැදගන් නෑනෝ
සේලේ අරගෙන ඇදපන් නෑනෝ
ගොයමි නෙළන්නට යමු අපි නෑනෝ
ඉරැ දෙවියෝ වැඩිය තැනේ
බොල් පිණි ගිලිහෙයි සැනිනේ
සද දෙවියෝ වැඩිය තැනේ
කරැවල නොතිබෙයි එතනේ
පසේ බුදුන් වැඩිය තැනේ
පස්පව් දුරැවෙයි සැනිනේ
ගන දෙවියෝ වැඩිය තැනේ
නුවණ වැඩෙනවා නිතිනේ
මේ කොතනින් ගෙනා ගොනා
රැහුණු රටින් ගෙනා ගොනා
කොඹ මැඩුමට ගෙනා ගොනා
කොඹ මැඩුමට හොදයි ගොනා
ගොනුගෙ පයේ රනෙන් විල්ල
අපේ පයේ රිදි විල්ල
කමත වටේ කරැකැ විල්ල
උනා වරෙන් බැත වලල්ල
කල්බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරි වැද පැසෙන්නේ
පව් කළා නොවෙද වැසි නොදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ
මල්වරා නොවෙද කිරි වැද පැසෙන්නේ
පව් කළා නොවෙද වැසි නොදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ
මල්ලියි මමයි කුඹුරට යන වෙලා වේ
කලු කරගෙන එනවා වැහි වලා වේ
මුවා වෙන්ට ගසකුත් නැති වෙලා වේ
පමා වෙලා වැහැපන් වැහි වලා වේ
කලු කරගෙන එනවා වැහි වලා වේ
මුවා වෙන්ට ගසකුත් නැති වෙලා වේ
පමා වෙලා වැහැපන් වැහි වලා වේ
මාමයි මමයි හද පානේ හාන කොට
කුළු මීමෙක් ආවයි මට අනින්නට
වට පිට බැලිමි ගසකුත් නැත නගින්නට
පිට පට ගසා නැග්ගෙමි මාමගෙ කරට
කුළු මීමෙක් ආවයි මට අනින්නට
වට පිට බැලිමි ගසකුත් නැත නගින්නට
පිට පට ගසා නැග්ගෙමි මාමගෙ කරට
සරණයි සරණයි බුද්දං සරණයි
සරණයි සරණයි දම්මං සරණයි
සරණයි සරණයි සංගං සරණයි
සරණයි සරණයි මේ තුන් සරණයි
බුදුන් තිලෝකෙට උත්තම වන්නේ
යොදුන් ගනන් බුදුරැස් විහිදෙන්නේ
සඳුන් සුවඳමුල් පුද කරවන්නේ
බුදුන් සරණ සිහිකර කියමින්නේ
රහත් අය ද පෙර බණට වඩින්නේ
මහත් අයට වැඩියෙන් වැඩ වන්නේ
දොහොත් මුදුන් දී වැඳ පවසන්නේ
මහත් ඉසුරු අය වරද හරින්නේ
දෙයියන් අණ සැම තැන පවතින්නේ
කොයියන් අයටත් දියුණු කරන්නේ
මයියන් දැන කවි පද පවසන්නේ
දෙයියන් වැඳ අවසර අරගන්නේ
වරන් ගතිමි ඉර සඳ දෙවි අතින් වරන්
වරන් ගතිමි මිහිකත් දෙවි අතින් වරන්
වරන් ගතිමි සක්වළ දෙවි අතින් වරන්
වරන් ගොයම් කැපුමට දෙවිඳුගෙන් වරන්
උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ කරා
බිමන් සිටින මිහිකත් දෙවි කළස දරා
වටින් සිටින සැම දෙවියෝ අරක් කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා
අපට ඇඹුල ගෙනත් වගෙයි
අව්ව බොහොම සැරත් වගෙයි
බඩගිනි දැන් වැඩිත් වගෙයි
ගොඩට යන්ඩ හොඳත් වගෙයි
මාගල් ගමු මෙතන එළමු
පෙළට ඉඳිමු පත්කොළ ගමු
බත් බෙදවමු හොදි බෙදවමු
කන්ඩ බලමු පටන් ගනිමු
ඉවර කරමු නතර කරමු
වතුර ගනිමු අත් සෝදමු
බුලත් ගනිමු පුවක් ගනිමු
විටක් හපමු යන්ඩ බලමු
ගොයම් කපා ඉවර උණා
ඉරු දෙවියෝ පිහිට උණා
ගොවිරාළට සෙතක් උණා
අපේ සිතත් සතුටු උණා
ගොයම් කපා ඉවර උණා
සඳ දෙවියෝ පිහිට උණා
ගොවිරාළට සෙතක් උණා
අපේ සිතත් සතුටු උණා
ගොයම් කපා ඉවර උණා
ගෙදර යන්ට සවස් උණා
ගොවිරාළට සෙතක් උණා
අපේ සිතත් සතුටු උණා
සරණයි සරණයි දම්මං සරණයි
සරණයි සරණයි සංගං සරණයි
සරණයි සරණයි මේ තුන් සරණයි
බුදුන් තිලෝකෙට උත්තම වන්නේ
යොදුන් ගනන් බුදුරැස් විහිදෙන්නේ
සඳුන් සුවඳමුල් පුද කරවන්නේ
බුදුන් සරණ සිහිකර කියමින්නේ
රහත් අය ද පෙර බණට වඩින්නේ
මහත් අයට වැඩියෙන් වැඩ වන්නේ
දොහොත් මුදුන් දී වැඳ පවසන්නේ
මහත් ඉසුරු අය වරද හරින්නේ
දෙයියන් අණ සැම තැන පවතින්නේ
කොයියන් අයටත් දියුණු කරන්නේ
මයියන් දැන කවි පද පවසන්නේ
දෙයියන් වැඳ අවසර අරගන්නේ
වරන් ගතිමි ඉර සඳ දෙවි අතින් වරන්
වරන් ගතිමි මිහිකත් දෙවි අතින් වරන්
වරන් ගතිමි සක්වළ දෙවි අතින් වරන්
වරන් ගොයම් කැපුමට දෙවිඳුගෙන් වරන්
උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ කරා
බිමන් සිටින මිහිකත් දෙවි කළස දරා
වටින් සිටින සැම දෙවියෝ අරක් කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා
අපට ඇඹුල ගෙනත් වගෙයි
අව්ව බොහොම සැරත් වගෙයි
බඩගිනි දැන් වැඩිත් වගෙයි
ගොඩට යන්ඩ හොඳත් වගෙයි
මාගල් ගමු මෙතන එළමු
පෙළට ඉඳිමු පත්කොළ ගමු
බත් බෙදවමු හොදි බෙදවමු
කන්ඩ බලමු පටන් ගනිමු
ඉවර කරමු නතර කරමු
වතුර ගනිමු අත් සෝදමු
බුලත් ගනිමු පුවක් ගනිමු
විටක් හපමු යන්ඩ බලමු
ගොයම් කපා ඉවර උණා
ඉරු දෙවියෝ පිහිට උණා
ගොවිරාළට සෙතක් උණා
අපේ සිතත් සතුටු උණා
ගොයම් කපා ඉවර උණා
සඳ දෙවියෝ පිහිට උණා
ගොවිරාළට සෙතක් උණා
අපේ සිතත් සතුටු උණා
ගොයම් කපා ඉවර උණා
ගෙදර යන්ට සවස් උණා
ගොවිරාළට සෙතක් උණා
අපේ සිතත් සතුටු උණා
ඉඩවර දවසට කොයි ගොයියා
සතර වනන්තර කොටා දමයියා
පතර අකුල් කටු නසා දමයියා
විසුණු කරයි වැසියොති ගිනි දෙයියා
විදලා නගුලුත් ඇණ ගසමින්නේ
විදලා විය දඩු ලණු අදිමින්නේ
යොදලා නැකතක් ගෙන සලසන්නේ
බැදලා ගොන්ගෙයි හි මඩවන්නේ
ඉනේ බලාපන් ඉනවට සේල බලාපන්
අතේ බලාපන් අත වට ගිගිරි බලාපන්
කරේ බලාපන් කරවට මාල බලාපන්
දෑදුරු ඔයෙන් එන එතනගේ ඔමරි බලාපන්
තෙල් ගාලා ඉස පිරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැදගන් නෑනෝ
සේලේ අරගෙන ඇදපන් නෑනෝ
ගොයමි නෙළන්නට යමු අපි නෑනෝ
කැකුළු තිසරු ඔසරියෙන් වසා ගෙන
රුකුළු වළලු දෑතේ නද දී ගෙන
මැදලා පුස්කොළ තෝඩු තීයා ගෙන
වෙල මැද නෙලුමට යමු සැරසි ගෙන
රන් දෑ කැති ගෙන නිති සැරසෙනවා
රන් වන් පටි ... වට දිලිසෙනවා
හිරු දුටු පිනිබිඳු ලෙස පහවෙනවා
දුම්බර කෙතේ අපී ගොයම් කපනවා
ඉර දෙවියන්ගේ ඉරගල ගාවා
සඳු දෙවියන්ගේ සඳගල ගාවා
ගණ දෙවියන්ගේ කෝවිල ගාවා
අපිත් කියමු කවි ගොවිපොළ ගාවා
උදේ ඉඳන් වකුටු කොන්ද දිග හැරපල්ලා
අතේ තියෙන ගොයම් මිටිය බිම දමපල්ලා
හිසේ තියෙන ලේන්සු පොදිය අතට ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටය් ගොඩට යමල්ලා
රන් දෑ කැති ගෙන නිති සැරසෙනවා
රන් වන් පටි ... වට දිලිසෙනවා
හිරු දුටු පිනිබිඳු ලෙස පහවෙනවා
දුම්බර කෙතේ අපී ගොයම් කපනවා
ඉර දෙවියන්ගේ ඉරගල ගාවා
සඳු දෙවියන්ගේ සඳගල ගාවා
ගණ දෙවියන්ගේ කෝවිල ගාවා
අපිත් කියමු කවි ගොවිපොළ ගාවා
උදේ ඉඳන් වකුටු කොන්ද දිග හැරපල්ලා
අතේ තියෙන ගොයම් මිටිය බිම දමපල්ලා
හිසේ තියෙන ලේන්සු පොදිය අතට ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටය් ගොඩට යමල්ලා
උදේ සිටන් අපි තුනටි නවාගෙන මන්දැය් දෑසට නොපෙනෙන්නේ
රජුගේ වැඩක් දෝ,ගොවිගේ වැඩක් දෝ,කස පැන් ගෙඩියක් නොලැබෙන්නේ
හක් ගෙඩි නැතිවද ,නලාව නැතිවද, ඉර මුදුනේ වැඩ නාරින්නේ .
උඩහ වලව්වේ නිලමේට කියලා කවිය නතර කර අපි යන්නේ
කුජ දින ඉරු දින ගොයම් කපන්නේ
තිසරණ සිහි කර වේලට බසින්නේ
සැම දෙවියන්ගේ අවසර ගන්නේ
කුඹුරේ දිගටම පේලි සැදෙන්නේ
රජුගේ වැඩක් දෝ,ගොවිගේ වැඩක් දෝ,කස පැන් ගෙඩියක් නොලැබෙන්නේ
හක් ගෙඩි නැතිවද ,නලාව නැතිවද, ඉර මුදුනේ වැඩ නාරින්නේ .
උඩහ වලව්වේ නිලමේට කියලා කවිය නතර කර අපි යන්නේ
කුජ දින ඉරු දින ගොයම් කපන්නේ
තිසරණ සිහි කර වේලට බසින්නේ
සැම දෙවියන්ගේ අවසර ගන්නේ
කුඹුරේ දිගටම පේලි සැදෙන්නේ
No comments:
Post a Comment