වැල් වැල් දිග ඇති- මල් මල් රුව ඇති
රාජ වංහ ඇති-කෑවොත් පන නැති
--- නියගලා
ඇදලා ගත්තා දමලා ගැහුවා
මලක් පිපුනා මල පරවුනා
--- ගිනිකූර
අත්තෙන් අත්තට පනින කුරුල්ලා
බිම වැටුනොත් චොහොර කුරුල්ලා
--- වැහි බිංදුව
තෝරමු බලන්න මේ තේරවිල්ලත්..
අකුරු හයකි මෙය අම්පාරේ ගමකි පලමු අකුර හැලුනම බදුල්ලෙ ඇති ගමකි පලමු අකුරු තුන හැලුනම රජරට ගමකි
--- පදියතලාව
මේ තේරවිල්ලත් තෝරමු බලන්න..
එකක් දමන විට පහලින් දෙකක් වැනේ ...
දෙකක් දමන විට තද සීතලක් දැනේ ..
තුනම දමන අය ලෝකේ ඇත්ද අනේ...
දහනායකට විතරයි මෙය හැකිවන්නේ...
--- ??
උඩහ ගෙදර මම යනකොට
අගර දගර වැලක් තිබුනා
මල් සුවදයි ගෙඩි තිත්තයි
නොතේරැවොත් ටොකු විස්සයි....
-- කරවිල
කන්නෙත් නැති ,යන්නෙත් නැති ,නිදියන්නෙත් නැති ,මැරෙන්නෙත් නැති කෙනෙක්ද
න්න කෙනෙක් කියමු බලන්න
-- හාමුදුරුවෝ
බිම අතු ගාලා දණ බිම ඇනලා පැදුරක් එලලයි සැරසෙන්නේ..
උඩින් එකෙක් ඇත යටින් එකෙක් ඇත උඩින් එකාමයි දඟලන්නේ...
උඩ පොල්ලක් ඇත මැදින් හිලක් ඇත සුදුවට මොනවද වැගිරෙන්නේ....
බලන්න මහතුනි ගෑණුන්ගේ හැටි රෙද්දෙන් පිහලයි නැගිටින්නේ....
—කුරහන් අඹරනවා
අගට විල්ල මැදට පොල්ල කොනක් බිමට නැවිලා
අතට අල්ල හොඳට හොල්ල බැලුවම පට ඇරිලා
-- කුඩය
මේක තෝරමු බලන්න .
ලිපක් නැතත් අලු පිරිලා තියෙන්නේ.
ලිපෙන් සකස්කරලයි මෙය අරගන්නේ.
ලිපෙන් ගත්තු දේවල් මෙහි දමන්නේ.
මෙතුන්පදේ තෝරාලා එවන්නේ.
මේකට උත්තරේ Anjula Madurangi ලබා දුන්නා. එයාට මගෙන් සුබ පැතුම් .
මේ තේරුම් කවිය.
කොලේ යටින් අලු පිපිලා තියෙන්නේ
ලිපේ ගින්දරෙන් තවලා අරගන්නේ.
ලිපේ උයපු කෑම දමා ඔතන්නේ.
කෙසෙල් කොලේටයි තුංපද කියන්නේ .
මේකට පිලිතුරු තමන්ගේ නිර්මානාත්මක කවියෙන් ඕනෑ .
මරා බැරා තෝරාලා එවාපං.
චරා සමග ගෝරා උඹ තෝරාපං.
නිරා කව්ද නාරා තව තෝරාපං .
මේ අතරින් හොරු කව්දැයි කියාපං.
මරා මහී බැරා බැසිල් නම්වේ
චරා චමල් ගොරා ගෝට නම්වේ
නිරූපමා සමග නාමල් බේබිත් වේ
මේ ඔක්කොම හොරු පවුලක් වේ
දිය පිට මස්,
මස් පිට කටු,
කටු පිට ලොම්,
ලොම් පිට සම..
මොනව ගැනද මේ කියන්නෙ? පොල්
අල්ලයි පොල්ල තනි අතකින් නවාගෙන😊
හොල්ලයි පොල්ල බඩුවක් උඩ තබාගෙන😊
හෙල්ලෙන විටදි යයි දියරය ගලාගෙන😊
වැඩේ කරයි ඈ තොප්පිය දමාගෙන😊 ???
අඩු වැඩි ඇතිව සැමගෙම ළඟ තිබෙන
රැක ගැනුමටම ලොකු වෙහෙසක් දරන
දැන් හොඳ වුවත් කෙදිනක හෝ දිරන
රූපය ගැනයි අද මේ ලෙස කියන
ප්රශ්නය
දෙපා දෙකෙන් දුර ගමනක් බෑ හේමා
නෙත් දෙකකුත් ඇත නිදිමත නැත හේමා
කුස තුල බඩගිනි උන්දෑට නැත හේමා
මෙතුන් පසේ තෝරන්නට බෑ හේමා
පිළිතුර
වනන්තරේ ගල් උණූවනවා හේමා
ගමේ කම්මලේ මිටියෙන් වැඩ හේමා
ජල බොර දියෙන් පණ රැකුණා හේමා
මෙතුන් පදේ ගිරයට කිව්වා හේමා
මොනරෙක් සිටී දස අත පිල් විදාගෙන
කොකෙක් සිටී කඳ මැද්දෙන් බදාගෙන
ගෙඩි කති ලෙලි නොකති හැම දෙන බෙදාගෙන
මෙතුන් පදේ තෝරා පවසන් සැණින
දස අත පිලය කීවේ රඹ ගස නොවෙද
කඳ මැද බදා ඉන්නේ රඹ කැන නොවෙද
ලෙලි හැර කෙසෙල් ගෙඩි සැම කනවා නොවෙද
මෙතුන් පදේ තේරුවෙ නැණයෙන් නොවෙද
No comments:
Post a Comment