Pages

Friday, September 29, 2023

අම්මා ගැන ජන කවි

 වැල්ලෙ පිපෙන බිම්මල වාසනාව න්

ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්

පෝයදාට පුන්සද වාසනාවන්

ජාතිත් අපේ මවුපියො වාසනාවන්

ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා
ඇතිනි රැලේ හැමට ම කිරි එරේයා
දෙතනේ මවක දුන් කිරි මෙසසරේයා
පුතුනේ බලන් සත් සමුදුර පිරේයා


ගසක දොඩම් මදෙයි කියා කෑ දැයි අපේ අම්මා
අහසෙ තරුත් මදෙයි සිතා විළිලෑදැයි අම්මා
මුහුදෙ දියත් මදෙයි සිතා රස කිරි දුන් අම්මා
සතර අපායේ නො වැටී නිවන් දකින් අම්මා


ඉර පායා ඉර මුදුනට එන්ට එපා
සඳ පායා සඳ මුදුනට එන්ට එපා
ඇඬූ කඳුළු මූදට එක් වෙන්ට එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා


කිරි මදුවැල් කිරිමදුවැල් කිරි අම්මේ
අපිත් කිරට අඬනා දරුවන් අම්මේ
අනුන් දුන්න බත් බඩ නො පිරෙයි අම්මේ
ඈත ඉඳන් මට අඬගහපන් අම්මේ

කුකුළා නැති ගෙදර එළිවෙනවා නො දැනේ
ගවයා නැති ගෙදර ? වෙනවා නො දැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා නො දැනේ
අම්මා නැති ගෙදර පණ යනවා නො දැනේ

ඉරු දෙවි ගිනිගත් මහ මද්දහනට කුඹුක් ගහක් වුණු මයෙ අම්මා
කර කොළයක්වත් නැති බඩ සායට දිවුල් ගහක් වුණු මයෙ අම්මා
ගෙරවිලි බියකරු විදුලි අකුණු මැද මහ දඹ රුක වුණු මයෙ අම්මා
මර සෙන් පරදා බුදුහිමි පිටදුන් මහ බෝවයි මට මයෙ අම්මා



No comments:

Post a Comment