01. ඔන්චිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ කඩන්න බැරි කටු අකුලේ කඩා දියන් මගේ මලේ
02. පදිනා කල විත් වැල් ඔංචිල්ලා අඳිනා වත තද කර ඇදගල්ලා පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ලා සොඳිනා ගී කියමින් පැදපල්ලා
03. උඩයන රවුමට පපුවයි දන්නේ පාතට එනකොට නිවිලයි එන්නේ පොල්ලක් පැන්නට බය නොසිතන්නේ පත්තිනි දෙවිඳුට පින් දීපන්නේ
04. සතර දෙනයි අපි ආවේ ඔක්කොම සතර වටට සොඳ කැරකෙන ගෙත්තම සතර අතට අල්ලා මාලක්කම කතර ගමට බාරයි අපි ඔක්කොම
05. ඉඳ ගත්තෙමි උස පුටුවක ගුවනා බැඳ ගත්තෙමි ජය කොන්ඩය මුදුනා ඇඳ ගත්තෙමි වතකුත් ආබරණා වැඳ ගත්තෙමි නාරායණ සරණා
06. පදිනා කල විත් වැල් ඔංචිල්ලා අඳිනා වත තද කර ඇදගල්ලා පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ලා සොඳිනා ගී කියමින් පැදපල්ලා
07. මිතුර මෙනුඹ අපි එක්ව සියල්ලා කතුර ලෙසට බැඳි රන් ඔංචිල්ලා නතර වෙවී ගුවනේ ඔංචිල්ලා මෙවර පදිමු අපි රන් ඔංචිල්ලා
08. විසි තුරු කර බැඳි රන් ඔංචිල්ලා රිසි රිසි අය අරගෙන පැදපල්ලා ඇසි පිය නො හෙළා බලා සිටිල්ලා කිසි තැන නැත මේ ලෙස ඔංචිල්ලා
09. පුර වර මැද බැඳි රන් ඔංචිල්ලා දුර යන තරමට පුදුම නො වෙල්ලා වවුලන් ලෙෂ කැරකෙයි ඔංචිල්ලා අපිත් පදිමු දැන් රන් ඔංචිල්ලා
10. රනේ රුව සේ ඇති බාල ළදුන් නේ කණේ තොඩු දෙක දෙපිට වැනෙන්නේ ඉනේ සළුව තද කර ඇද ගන් නේ අනේ ළදුනි ඔංචිලි පැදපන් නේ
11. අත්ත උසං උසං උසං ජම්බු පොකුරු සිලිං බිලිං ලොකු අක්කේ පදිං පදිං ජම්බු කඩං බෙදං බෙදං
12. වවුල් දහයි දහයි දහයි කොක්කු දහයි දහයි දහයි අහසේ උඩ නගියි නගියි පදිමු අපිත් එහෙයි මෙහෙයි
13. ඉරු දෙවියෝ යන්නේ උඩින් සඳ දෙවියෝ යන්නේ උඩින් තරු බැබළෙන අහස උඩින් නඩා ගහමු අපිත් උඩින්.
No comments:
Post a Comment