සාගර පළන්සූරි කොළඹ යුගයේ කවියෙකි.ඔහු වඩාත් ප්රකට වූයේ කේයස් යන කෙටි නාමයෙනි.දේදුන්න සගරාවේ ඇතුළත් ධීවරී ගීතය ඔහුගේ ජනප්රිය කවි පන්තියකි.
හිමි ඔබ සයුර මැද රුදු සටනකය රැයේ
පොල් අතු පැලේ මම තනියම වෙසෙමි බියේ
ඇතිමුත් හුරුපුරුදු එඩිතර ගතිය ලයේ
තරමක සැකයකිනි ඔබ අද සවස ගියේ
අහසේ අදුරු පැහැ වැහි කලුනගින කොට
සුළගේ වෙනස මෙහි ගහ කොල කියන කොට
ගෙරවිලි සහිත විදුලිය හඩ ඇසෙන කොට
හිමියනි මගේ හිත වාවනු බැරිය. මට
හබලට ඔබේ සවිබල අත රිදෙනවාද
ඔරු කද උඩින් දළ රළ පෙළ නගිනවද
සීතල සුළග රලුවට ඇග වැදෙනවද
හිමියනි වෙහෙස නිදිමත දෙක. දැනෙනවද
ගොඩබිම කොහෙද නැති මහ මුහුදෙහි ඈත
හිමි ඇත වෙහෙසමින් වෙහෙසී ඇත දෑත
ඔබ නැති නිසා හිමියනි මේ ළග පාත
සුළගේ මැකීයයි මගෙ දුක් මුසු ගීත
එළියක් පෙනෙන විට හිමියනි වෙරළ බඩ
නැතහොත් දැනෙන විට ඔරුවක් ඇදෙන හඩ
දෙසවන වටෙන විට කිසිවකු නගන හඩ
මා නොදැනුවත්වම මම මගෙ දෙපය උඩ
වැහි පොද මගේ හිමිගේ හිසමත නොවැටේවා
මේ රුදු සුළං රැළි රළ පිට නොගැටේවා
පැද යන ඔරුව වෙත මසු කැල දැවටේවා
ලන ඇම ගිලින තරමට උන් රැවටේවා
ඔබ එන තුරා නැත මගෙ හිත සැනසෙන්නේ
මා ගැන නොවෙද හිමි මේ හැටි වෙහෙසෙන්නේ
සවසට යාමටයි ඔබ උදයට එන්නේ
මෙහෙමද ජීවිතේ දිගටම ගතවෙන්නේ
ඔබ මහ මුහුද මැද තනියම වෙසෙන කල
සිහියට නැගෙනු ඇත මා මෙහි නිදන පැල
හිමියනි ඔබට මගෙ හදවත මිහිරි කළ
සැනසුම තිබේ මේ පොල් අතු කුටිය තුළ
No comments:
Post a Comment