ඇත්ත තමා පවසන්නේ නියම කොට
සත්ත ඇති නැකැත් සුබ තෝරා එවිටනිත්ත නිරන්තර දෙවියෝ මුදුන් කොට
කැත්ත ගෙනැත් වල් ගෙවඩමු පඳුර වට
සදා කියන පද බොරු නැත අසන්නේ
බෙදා මුල් කැටය ගාවට බසින්නේ
යොදා නැකැත් මරයෝගය හරින්නේ
එදා සිටම වල්කඩ නෙව කොටන්නේ
මාන් බලබලා වල්ගොල්ල සොයමින
හේන් වල ම ඉඳ ඉරවිලි බෙදා ගෙන
හීන් පඳුරු නෑරම වල් ගසා යන
වාන් පතුල් බැඳ ගෙන වල් කොටති දැන
කැටලා කියන පද බොරු නැත අසන්නේ
පටලා ගිය අකුල් උඩ මිටි කරන්නේ
වටලා හැම තැන ම ගිනිමැල ගසන්නේ
කොටලා තීන්දුව ගස් කඳු බාන්නේ
සිත පිරියේ පවසති මේපද ගරු ඇතී
නෙත පිරියේ අව්වට කඳුළු කඩ නැතී
නැත බොරුවේ අසතොත් සිතුලෙස කැමතී
කැති රළුවේ පදමට ගිනිවැට බැඳෙතී
මැලි කරලා සිටියොත් බැරි වෙයි හේන
වලි කියලා ලී දඬු අදිමින් දාන
පල කරලා සෑම දෙන කැන්දා නයන
එළි කරලා දෙවනුව වැටවල් බඳින