ගැමුණු රජුන්ගේ කාලේ
රන් මලි සෑ බැදි කාලේ
තිබුණා මට බලාගන්න
සිටියානම් ඒ කලේ
වෙහෙර බිමට ගඩොල් ගෙනෙන
පිරිස අතර දුව පැන පැන
තිබුණා මට උදවු වෙන්න
ගඩොල් අතින් අත යවමින්
මහ ගල් කණු ගෙන එන හැටි
ගල් කැටයම් කරනා හැටි
තිබුණා මට බලාගන්න
වෙහෙර වටේ සිටුවන හැටි
බර ගල් කණු එසවීමට
බැරිමුත් මගෙ පොඩි දෑතට
තිබුණා මට ගෙනැත් දෙන්න
පොඩි ගල් කැට වෙහෙර බිමට
නොලැබුණු ඒ වැඩ කරන්න
දැන් වත් මට ඉඩ ලැබෙන්න
ආයෙත් මගෙ පුංචි රටට
ගැමුණු රජෙක් පහල වෙන්න
එච් ඩී ජයතිලක
කුමර ලොවට කවි සිතුවිලි
No comments:
Post a Comment