Pages

Friday, September 29, 2023

අම්මා ගැන ජන කවි

 වැල්ලෙ පිපෙන බිම්මල වාසනාව න්

ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්

පෝයදාට පුන්සද වාසනාවන්

ජාතිත් අපේ මවුපියො වාසනාවන්

ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා
ඇතිනි රැලේ හැමට ම කිරි එරේයා
දෙතනේ මවක දුන් කිරි මෙසසරේයා
පුතුනේ බලන් සත් සමුදුර පිරේයා


ගසක දොඩම් මදෙයි කියා කෑ දැයි අපේ අම්මා
අහසෙ තරුත් මදෙයි සිතා විළිලෑදැයි අම්මා
මුහුදෙ දියත් මදෙයි සිතා රස කිරි දුන් අම්මා
සතර අපායේ නො වැටී නිවන් දකින් අම්මා


ඉර පායා ඉර මුදුනට එන්ට එපා
සඳ පායා සඳ මුදුනට එන්ට එපා
ඇඬූ කඳුළු මූදට එක් වෙන්ට එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා


කිරි මදුවැල් කිරිමදුවැල් කිරි අම්මේ
අපිත් කිරට අඬනා දරුවන් අම්මේ
අනුන් දුන්න බත් බඩ නො පිරෙයි අම්මේ
ඈත ඉඳන් මට අඬගහපන් අම්මේ

කුකුළා නැති ගෙදර එළිවෙනවා නො දැනේ
ගවයා නැති ගෙදර ? වෙනවා නො දැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා නො දැනේ
අම්මා නැති ගෙදර පණ යනවා නො දැනේ

ඉරු දෙවි ගිනිගත් මහ මද්දහනට කුඹුක් ගහක් වුණු මයෙ අම්මා
කර කොළයක්වත් නැති බඩ සායට දිවුල් ගහක් වුණු මයෙ අම්මා
ගෙරවිලි බියකරු විදුලි අකුණු මැද මහ දඹ රුක වුණු මයෙ අම්මා
මර සෙන් පරදා බුදුහිමි පිටදුන් මහ බෝවයි මට මයෙ අම්මා



කමත් කවි

 වැද්ද නොදී කම්මැලි          ඇරපල්ලා

යුද්ධ ලෙසට සැරසී           සිටපල්ලා
සුද්ද වචන කවි පද           පවසල්ලා 
සද්ද නාද ඝෝෂා             කරපල්ලා

බල බල සවියෙන් වැඩ        කරපන්නේ
කෙළ කෙළ ඇත් රළ සේ සිට    ගන්නේ
රැළ රැළ යන ලෙස අහුරු       දමන්නේ
කෙළ පළ කර ගොයම් සිට      ගන්නේ

කරලා ආදර කැදවා            ගන්නේ
වැරලා මද ගොයමේ සිට      ගන්නේ
වැරලා මද ගොයමේ සිට      ගන්නේ
කරලා වැඩ දියවර නා         ගන්නේ


ඉඳිමින් කුඹුරට ගිය කල       එකලා
අදිමින් තැන තැන වට මලු    කරලා
බඳිමින් කමතක් බිම සොමි    කරලා
අඳිමින් කොළ කමතේ ගොඩ කරලා

ගැහැණුන් කෙරෙහි තම සිතේ වූ ප්‍රේමය දක්වන කවි

 තනේ පුදබුදු වෙනවා දකින්කල මදක්

සෙනේ වඩයි සළෙ‍‍ළුන් දැක්ක කල උදක්
වනේ බිඟු රොනට හැසිරෙන සේම නදක්
අනේ මට ගෑනු ළඟ ඉන්න ඇති හිතක්

ඔයේ නමං වතුර යන්නේ ගලාගෙන
ළිඳේ නං ව තුර එන්නේ උනාගෙන
කළේ නං වතුර බොන්නේ පුරාගෙන
මගේ නං ළඳේ යන්නේ වඩාගෙන

අඳින කොට ස‍ළුව ළඳ නුඹ රුව වාගේ
බඳින කොට වරල නිල් මැණිකක් වාගේ
බලන කොට මූන රන්පිළිමේ වාගේ
යනකොට ගෙදර නැතුවා පාළුව මාගේ

ආදි අපි දෙන්න දිය පිට නෙ‍ළුම් මෙනේ
දැන් දැන් අපි දෙන්න දිවිදුටු මුවන් මෙනේ
දියේ පුරුදු ගොඩ නුපුරුදු මසුන් මෙනේ
අලුත බැඳිසෙනේ හුණු නැති බුලත් මෙනේ

වැසිදිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි
මල් පැණි අයිති වට ගුමු දෙන බමරාටයි
මීරා අයිති කිතුලේ කල වැද්දාටයි
නෑනා අයිති කාට ද මස්සි නාටයි

මාම ගෙ හිතේ මා මරවා වැඩ ගන්ට
නැන්දගේ හිතේ උන්දැගෙ දූ මට දෙන්ට
අක්කගේ හිතේ නංගිව දී බේරෙන්ට
මගේ හිතේ දෙන්නම අරගෙන යන්ට

මහියංගනේ එක එලිය යි බන් නෑනා
ඒ එළියට අපි ඉඳගෙන පොල් ගානා
වේර ගං තොටේ ඔරු දෙක යස මානා
එක නුවරක ඉපදෙමු රං කුරු නෑනා

පානේ තෙල් නැතුව කලුවර පැතිරෙනවා
මූනේ උඩුරැවුල දැන් ටික ටික එනවා
යානේ නිදි නැතිව තුන්යම පසුවෙනවා
නෑනේ නුඹ නිසා මගෙ හදවත දනවා

අත් ටික්කිරි කහපලු ටින් කිරි වා ගේ
දත් ටික්කිරි කියතෙන් කළ වැඩක් වගේ
මූණ ටිකක් කැඩපත ඇල්ලුවා වගේ
රන් මැණිකා මට මානෙල් මලක් වගේ

ඔයේවතුර සිඳුනම ගල් කැට නැද්ද
වෙලට වතුර බැන්දම වෙල රුව නැද්ද
කරට මාලයක් බැන්දම රුව නැද් ද
රන් මැණිකා මං දැක්ම දුක නැද්ද

මඩම් පැල්ල චීත්ත ඇඳ ගන්ට ගියා
සුවඳ සබන් ගාලා නාගන්ට ගියා
ලූනු මිරිස් අමු කරවල කන්ඩ ගියා
රං මැණිකා මිගමුවට දීග ගියා

දෑත හොඳයි බත් උයවාගෙන කන්ට
මූන හොඳයි දහවල බල බල ඉන්ට
දෙපය හොඳයි කඩිසර ගමනින් යන්ට
මගෙ ලිය හොඳියි සබයක සිටු ගන්ට

ගෑනු උපන්නේ මේ රට කඹුරන්ට
ගෑනු උයන බත් මාලුත් නො දකින්ට
පිරිමි පිරිමි නුවරක උපදින්ට
ගෑණු නැති රටක් නැද්දෝ මට යන්ට

රං මැණිකා නුඹ කාටත් ගුණ කාරි
විස්ස පිරුණ කොල්ලෙක්වත් අත නාරී
වැස්ස පින්න නො බලන රතිකෙළි කාරී
පස්ස නුඹේ යකඩෙන් තැලුවද බාරී

Thursday, September 28, 2023

නෙතඟු ජන කවි

 පෙර කාලේ මම යන කොට නෙරිය ගොතනවාත් නෙතඟු

පහළ ගෙදර මම යන කොට ඉස පීරනවාත් නෙතඟු
ඇහැල කන්ද රහින තැනට මැණිකේ දුව නාවත් නෙතඟු
රජ පුටුවේ අග තියාන කුමරු අඬනවාත් නෙතඟු

පිහිල්ල ලග ගලේ සිටන් බලාන් සිටිනවාත් තෙතඟු
අලංකාරයෙන් සුලගට මල කැරකෙනවාත් තෙතඟු
බඹරැ ඇවිත් මල වටකර නාද කරනවාත් තෙතඟු
මෙරන් මෙතට මල අඹරට උඩින් පෙනෙනවාත් තෙතඟු

එමල් වනේ වන මුදුනේ වන මල් පිපිලාත් තෙත
ඟු
මල මුදුනේ බමරු ගනේ මල් පැණි බීලාත් තෙතඟු
මද පවනේ සුවද ගෙනේ දස අත පතත් තෙතඟු
වන සිහිනේ දුටු දනගේ මන නෙත් තුටුකලත් තෙතඟු

සිංදු කියන අපි සැම දෙන කැලණිය වැදලාත් තෙත
ඟු
ධාතු සොදට පෙති පිළිමත් දෝතින් වැදලාත් තෙතඟු
ස්වර්ණ හංස තිලකේ සිරිපාදය වැදලා ත් තෙතඟු
එන මෙත්තේ බුදුන් දකිමු සිරි පා වැදලා ‍ තෙතඟු


සොකරි

 සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී

නැවුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියයුරු ළැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී

පතල් කවි

 

මහ බෝගලට අපි ඇවිදින් විඳිනදුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයාකකා
පනන් විස්ස ණය වෙනකොට සිතේදුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන්දුකා
**
දුම්බර කන්ද පාමුල මිනිරන්පතළේ
බැහැලා බඹ තිහක් කලුගල සිදුරුකළේ
බස්නාහිරට දෝනා දෙක ගමන්කළේ
විස්තර කියමි දුම්බර මිනිරන්පතළේ
**
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට

වදුරා ගොඩට අපි ඇවිදින් විදින
ගැටිය නැති මුට්ටි පොඩියේ උයන්
පණම් විස්ස ණය වෙනකොට හිතට
මීට වැඩිය නරකද ගම හිඟා


වළ ඇතුළේ සොල්දර          වාසනාවන්
සොල්දර උඩට දබරේ          වාසනාවන්
දබරේ උඩට දම්වැල            වාසනාවන්
දුප්පත් අපට පතලේ            වාසනාවන්

මං මුළා වෙලා මේ රට                  පසුවෙනවා
අයියලා ඉඳන් මට තව දුක්                  දෙනවා
අම්මලා අපට පෙව් කිරි සිහි               වෙනවා
බංගලා වළේ දෝනාවට අපි                 යනවා

දුම්බර කන්ද පාවුල ගම                      රාගෙදර 
මිනිරන් ගෙන යන්න කැපුවා              මහ පාර
වතුරෙන් සැප හොඳයි කුඹුකේ ළින්         වතුර
ගන රන් රුවයි මිනිරන් කඳ               රාගෙදර

මිනිරන් පතලෙ හරියට අපෙ ගෙදර            වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්මා             වගේ
ලියනඅප්පු පවුලේ ලොකු අයිය                  වගේ
ලෝඩර ගොල්ල හරියට මහ සොහොන      වගේ

මහත්තයෝ මං කී දේ අහනව                          ද 
අතේ තියෙන කරගැට පොඩි බලනව                ද 
පොතේ තියෙන පඩි ගණනත් කියනව              ද 
ගමයට යන්ඩ පඩි තුන්ඩුව ලැබෙනව                ද 


එන්ඩ කිව් දිනට පඩි ගන්නට                         ආවා
දෙන්ඩ තොපට පඩියක් මෙහෙ නැත             කීවා
වෙන්ඩ තිබෙන දේ නවතන්නට                 බැරිවා
යන්ඩ කියා කන්සට පහරක්                       ගැසුවා

වඳුරාගොඩට අපි ඇවිදින් විඳින                      දුකා
ගැටිය නැති මුට්ටු පොඩියේ උයන්                කකා
පනම් විස්ස ණය වෙන කොට හිතට               දුකා
මීට වැඩිය නරකද ගම හිඟා                          කකා


ඉන්නෙත් මීගොඩයි විත් පූරුවේ                  පවට
දෙන්නෙත් රුපියලයි කෑමයි මදි                මෙමට
කන්නෙත් කරවලයි රට හාලේ                    බතට
සුන්බත් වෙමින් යන්නට වෙයි මට               ගමට

ඩබරෙ කරකවා අත් දෙක                    වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                      කනවා
වතුර ඇදල අත්වල කරගැට                         එනවා
මිතුරෙ පතල් වැඩ ගැන මගෙ මඩ                 දනවා

දෝත මුදුන් තබමින් සුරිඳුන්                          වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින්                       දෙමු
දන්න දන්න තාලෙන් සීපද                           කියමු
දෝස දුරැර අපි ගම රටවල                            යවමු

වල ඇතුලේ සොල්දරෙ වාසනාවන්
සොල්දරෙ උඩින් දබරේ වාසනාවන්
දබරෙ උඩින් දම්වැල වාසනාවන්
දුප්පත් අපට පත්ලේ වාසනාවන්

ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කල පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට

මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්ම වගේ
ලියන අප්පු පවුලේ ලොකු අයිය වගේ
ලෝඩර් ගොල්ල හරියට මහසෝන වගේ

මහ බෝගලට අපි ඇවිදින දුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා

මී වදේ ලෙසට ඉල්ලම සොයා ගෙන
එම වදේ ලෙසට කටු පණ තියා ගෙන
ආයුදේ ලෙසට ඉල්ලම් කටු රැ ගෙන
මේ සඳේ පතල් වල ඉල්ලම් කපන

ඉර පායා එනකොට රැස් විහි දෙනවා
සද පායා එනකොට තරු දිලි සෙනවා
මල් පිපිලා සුවදට බමරුන් එනවා
ලද නුඔ මතක් වෙන කොට හදවත දනවා

කිරිමදු කොල කිරිමදු කොල කිරි අම්මේ
කිරට අඬන අත දරුවෙකි මම අම්මේ
අනුන් දෙන බතට වග බොහොමයි අම්මේ
ඈත හිටන් කටහඬ පානුය අම්මේ





  දුකා
කකා
දුකා
කකා



නෙලුම් කවි


දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම් 
මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම් 
බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම් 
තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම් 

සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා

තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉණවට ඇඳගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ

මුදුනේ යන ගොන් රජු නේ
පසුපස යන කිරි ගොනු නේ
වට දුවනා නාම්බ නේ
කොඹ මඩවා දෙන් සොදි නේ

මේ කාගෙද ගොන් වස්සා
කලු‍ ගොයියාගෙ ගොන් වස්සා
උගේ පිටේ ඇට මැස්සා
එළවා දක්කන් වස්සා 

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්
බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්

ඉඩවර දවසට කොයි ‍ ගොයියා
සතර වනන්තර කොටා දමයියා
පතර අකුල් කටු නසා දමයියා
විසුණු කරයි වැසියොති ගිනි දෙයියා

විදලා නගුලුත් ඇණ ගසමින්නේ
විදලා විය දඬු ලණු අදිමින්නේ
යොදලා නැකතක් ගෙන සලසන්නේ
බැඳලා ගොන්ගෙයි හි මඩවන්නේ

ඉනේ බලාපන් ඉනවට සේල බලාපන්
අතේ බලාපන් අත වට ගිගිරි බලාපන්
කරේ බලාපන් කරවට මාල බලාපන්
දැදුරු ඔයෙන් එන එතනගේ ඔමරි බලාපන්

තෙල් ගාලා ඉස පීරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ
සේලේ අරගෙන ඇඳපන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ

කැකුළු තිසරු ඔසරියෙන් වසා ගෙන
රුකුළු වළලු දෑතේ නද දී ගෙන
මැදලා පුස්කොළ තෝඩු තියා ගෙන
වෙල මැද නෙලුමට යමු සැරසි ගෙන

රටට ගමට ජාතියටත් ගරු කොට
පණට කයට අප සැම උදව්වට
නිවට නොවී හොඳ කල් ගත කෙරුවට
වෙලට බහිමු අපි ගොයම නෙලන්නට

බොහොම ගන්ට නම් ගොයමෙන් අස්වනු
බොහොම හොදට නෙළුමත් ඕනෑ වෙනු
කොහොම කලත් බෑ නොහෙලා දැනගනු
නෙළුම තමයි අපේ පුරුදුම කහවනු

තුනක් ඇදුනි කොළ පෙති ජල මත්තේ
මදක් පමණ වෙන කොට සිවු පෙත්තේ
දනක් පමණ වෙන කොට පස් පෙත්තේ
සයක් ඇදුණි කොළ බොරු නැත සන්නේ

තඹුරු පුබුදු මල් සුවඳයි හැම විට
බමරු ඇවිත් රොන් ගෙන යති උදයට
මදුරු කිඳුරු නද වෙති තද වාතෙට
නැඹුරු වෙලා ඉකි ගෝමර තරමට

ඇදුනි සතක් කොළ පෙති අග තුඩු දී
පෙනුණි සුනිල් තණ පත් ලෙස නද දී
ඇදුනි යපුරුකක් ඒ නිසි කල දි
පිපුණි ගොයම් මල් නව පෙත්තේ දී

සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත් දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹු රට

උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා

රන් දෑකැති ගෙන නිති සැරසෙනවා
රත්ත්‍රං පටි ඉන වට දිලිසෙනවා
හිරුදුටු පිණිබිදු සුලඟේ යනවා
දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා

උඩින් සිටින හිරු දෙවියෝ සෙවන කරා
බිමින් සිටින මිහිකත දෙවි කලස දරා
වටින් සිටින මිහිකත දෙවියෝ අරක් කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා

වරම් වර
ම් මට මහ බඹු අතින් වරම්
වරම් වරම් දෙවි ඉසිවර අතින් වරම්
වරම් වරම් සක් දෙවි අතින් වරම්
වරම් ගොයම් කැපුමට දෙවිඳුගෙන් වරම්

මං සොඳ දෙවි වැඳ අවසර ගන්නේ
පෙ
ම් වඩවන කවි නිතර කියන්නේ
ඉන් වරදක් ඇති මුත් දුර ලන්නේ
පින් ඇති සැම දෙවි අවසර දෙන්නේ