තනේ පුදබුදු වෙනවා දකින්කල මදක්
සෙනේ වඩයි සළෙළුන් දැක්ක කල උදක්වනේ බිඟු රොනට හැසිරෙන සේම නදක්
අනේ මට ගෑනු ළඟ ඉන්න ඇති හිතක්
ඔයේ නමං වතුර යන්නේ ගලාගෙන
ළිඳේ නං ව තුර එන්නේ උනාගෙන
කළේ නං වතුර බොන්නේ පුරාගෙන
මගේ නං ළඳේ යන්නේ වඩාගෙන
ළිඳේ නං ව තුර එන්නේ උනාගෙන
කළේ නං වතුර බොන්නේ පුරාගෙන
මගේ නං ළඳේ යන්නේ වඩාගෙන
අඳින කොට සළුව ළඳ නුඹ රුව වාගේ
බඳින කොට වරල නිල් මැණිකක් වාගේ
බලන කොට මූන රන්පිළිමේ වාගේ
යනකොට ගෙදර නැතුවා පාළුව මාගේ
බඳින කොට වරල නිල් මැණිකක් වාගේ
බලන කොට මූන රන්පිළිමේ වාගේ
යනකොට ගෙදර නැතුවා පාළුව මාගේ
ආදි අපි දෙන්න දිය පිට නෙළුම් මෙනේ
දැන් දැන් අපි දෙන්න දිවිදුටු මුවන් මෙනේ
දියේ පුරුදු ගොඩ නුපුරුදු මසුන් මෙනේ
අලුත බැඳිසෙනේ හුණු නැති බුලත් මෙනේ
දැන් දැන් අපි දෙන්න දිවිදුටු මුවන් මෙනේ
දියේ පුරුදු ගොඩ නුපුරුදු මසුන් මෙනේ
අලුත බැඳිසෙනේ හුණු නැති බුලත් මෙනේ
වැසිදිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි
මල් පැණි අයිති වට ගුමු දෙන බමරාටයි
මීරා අයිති කිතුලේ කල වැද්දාටයි
නෑනා අයිති කාට ද මස්සි නාටයි
මල් පැණි අයිති වට ගුමු දෙන බමරාටයි
මීරා අයිති කිතුලේ කල වැද්දාටයි
නෑනා අයිති කාට ද මස්සි නාටයි
මාම ගෙ හිතේ මා මරවා වැඩ ගන්ට
නැන්දගේ හිතේ උන්දැගෙ දූ මට දෙන්ට
අක්කගේ හිතේ නංගිව දී බේරෙන්ට
මගේ හිතේ දෙන්නම අරගෙන යන්ට
නැන්දගේ හිතේ උන්දැගෙ දූ මට දෙන්ට
අක්කගේ හිතේ නංගිව දී බේරෙන්ට
මගේ හිතේ දෙන්නම අරගෙන යන්ට
මහියංගනේ එක එලිය යි බන් නෑනා
ඒ එළියට අපි ඉඳගෙන පොල් ගානා
වේර ගං තොටේ ඔරු දෙක යස මානා
එක නුවරක ඉපදෙමු රං කුරු නෑනා
ඒ එළියට අපි ඉඳගෙන පොල් ගානා
වේර ගං තොටේ ඔරු දෙක යස මානා
එක නුවරක ඉපදෙමු රං කුරු නෑනා
පානේ තෙල් නැතුව කලුවර පැතිරෙනවා
මූනේ උඩුරැවුල දැන් ටික ටික එනවා
යානේ නිදි නැතිව තුන්යම පසුවෙනවා
නෑනේ නුඹ නිසා මගෙ හදවත දනවා
මූනේ උඩුරැවුල දැන් ටික ටික එනවා
යානේ නිදි නැතිව තුන්යම පසුවෙනවා
නෑනේ නුඹ නිසා මගෙ හදවත දනවා
අත් ටික්කිරි කහපලු ටින් කිරි වා ගේ
දත් ටික්කිරි කියතෙන් කළ වැඩක් වගේ
මූණ ටිකක් කැඩපත ඇල්ලුවා වගේ
රන් මැණිකා මට මානෙල් මලක් වගේ
දත් ටික්කිරි කියතෙන් කළ වැඩක් වගේ
මූණ ටිකක් කැඩපත ඇල්ලුවා වගේ
රන් මැණිකා මට මානෙල් මලක් වගේ
ඔයේවතුර සිඳුනම ගල් කැට නැද්ද
වෙලට වතුර බැන්දම වෙල රුව නැද්ද
කරට මාලයක් බැන්දම රුව නැද් ද
රන් මැණිකා මං දැක්ම දුක නැද්ද
වෙලට වතුර බැන්දම වෙල රුව නැද්ද
කරට මාලයක් බැන්දම රුව නැද් ද
රන් මැණිකා මං දැක්ම දුක නැද්ද
මඩම් පැල්ල චීත්ත ඇඳ ගන්ට ගියා
සුවඳ සබන් ගාලා නාගන්ට ගියා
ලූනු මිරිස් අමු කරවල කන්ඩ ගියා
රං මැණිකා මිගමුවට දීග ගියා
සුවඳ සබන් ගාලා නාගන්ට ගියා
ලූනු මිරිස් අමු කරවල කන්ඩ ගියා
රං මැණිකා මිගමුවට දීග ගියා
දෑත හොඳයි බත් උයවාගෙන කන්ට
මූන හොඳයි දහවල බල බල ඉන්ට
දෙපය හොඳයි කඩිසර ගමනින් යන්ට
මගෙ ලිය හොඳියි සබයක සිටු ගන්ට
මූන හොඳයි දහවල බල බල ඉන්ට
දෙපය හොඳයි කඩිසර ගමනින් යන්ට
මගෙ ලිය හොඳියි සබයක සිටු ගන්ට
ගෑනු උපන්නේ මේ රට කඹුරන්ට
ගෑනු උයන බත් මාලුත් නො දකින්ට
පිරිමි පිරිමි නුවරක උපදින්ට
ගෑණු නැති රටක් නැද්දෝ මට යන්ට
ගෑනු උයන බත් මාලුත් නො දකින්ට
පිරිමි පිරිමි නුවරක උපදින්ට
ගෑණු නැති රටක් නැද්දෝ මට යන්ට
රං මැණිකා නුඹ කාටත් ගුණ කාරි
විස්ස පිරුණ කොල්ලෙක්වත් අත නාරී
වැස්ස පින්න නො බලන රතිකෙළි කාරී
පස්ස නුඹේ යකඩෙන් තැලුවද බාරී
විස්ස පිරුණ කොල්ලෙක්වත් අත නාරී
වැස්ස පින්න නො බලන රතිකෙළි කාරී
පස්ස නුඹේ යකඩෙන් තැලුවද බාරී
No comments:
Post a Comment