සිනා කිකිණි.....
සිංහල නිසදැස් කවි කලාවේ නව මානයන් සෙවූ මහැදුරු විමල් දිසානායකයන්ගේ මේ අපූරු කවි පන්තිය අනූව දශකයේ 11 ශ්‍රේණී පෙළ පොතෙන් උපුටාගත්තකි.
අඳුරු රෑ ගුවන් ගැබ දිලෙයි තරු දෙක තුනක්
දෑ සමන් මල් අතර සුළඟ දැවටෙමින් ඇත
හාත්පස පතළ මඳ'දුරේ මනසින් ගිලී
කවුළු දොර හැර නිහඬ ලෙස බලා සිටිමි මම.......
නිසල රෑ කලඹමින' කොහේදෝ දෝ සිට නැගී
පාව එයි පාව එයි සිනා කිංකිණි හඬක්
බැලු මුත් අවට කිසිවෙක් පෙනෙන්නට නොමැත
තරු කැල්ම, මඳ අඳුර, සැලෙන තුරු පත් පමණී....
යළිත් ඒ හඞ නැගෙයි සසල කරමින් මහද
මඳ'දුරේ විහිද යයි ඒ රිදී මියුරු හඬ
තිගැස්සී මුස පත් ව සවන් දෙමි ඒ හඞට
එහෙත් කිසිවෙක් පෙනෙන්නට නොමැත මේ අවට....
ප්‍රමුදිත ව ඒ හඞින් දුවමි එය පසු පසෙහි
කාලයේ මඟ දිගේ නැවත ආපසු දුවමි
ගිරි කුළු ද කඳුරැලි ද පසු කරන් පියාඹිමි
මේ සිනා කිකිණි හඞ නැඟෙන රන්බිම වෙතට.....
මහාචාර්ය විමල් දිසානායකයන්ගේ 'අතීත කතාව' නම් කවි පෙළිනි
No comments:
Post a Comment