එගොඩ ගොජඩි නා කණුවෙ බැන්ද ගොනා
මෙගොඩ ගොඩේ සපු කණුවෙ බැන්ද ගොනාදෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා
අපොයි මගේ රන්මුතු මල්ලියා ගොනා
මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
බලේ බලේ රාසිං දෙවියන්ග බලේ
රැළේ රැළේ මුදෙන් දමන දිය රැළේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා මලේ
මං බාලේ ඇති කළ තලගොයි පැටියා
මට තනිවට මිදුලේ පෙමි කෙළ සිටියා
උගෙ මරැවා ඌ ඇවිදින් ඇරන් ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා
ගසට නමකි ගස මරැණම වෙන නමකී
ගෙඩියට නමකි ගෙඩියේ පොත්තට නමකී
මදයට නමකී මද කන කොට වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා කියන් සකී
බඹේකට ඈත මගෙ කුඹුර පෙනි පෙනී
සබේ බැන්ද ජයසක් සේම පෙනි පෙනී
ඔබේ පිහිට ඇත්නම් මෙමට පුළුවනී
ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනී
සබේ බැන්ද ජයසක් සේම පෙනි පෙනී
ඔබේ පිහිට ඇත්නම් මෙමට පුළුවනී
ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනී
ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සලු පළඳිනවා
මලට මුවාවෙන් ඉඳගෙන මල් පළඳිනවා
අපට මුවාවෙන් ඉඳගෙන ඔමරි කරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සලු පළඳිනවා
මලට මුවාවෙන් ඉඳගෙන මල් පළඳිනවා
අපට මුවාවෙන් ඉඳගෙන ඔමරි කරනවා
අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියෙක් නැති ගමන් තනිමග කිම්ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ
.
අල්ලාගෙන නෙරිය මඩතැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යඤ්ඤං අයියන්ඩි ගමරට දුර හින්දා
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියෙක් නැති ගමන් තනිමග කිම්ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ
.
අල්ලාගෙන නෙරිය මඩතැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යඤ්ඤං අයියන්ඩි ගමරට දුර හින්දා
මල්වර වෙලා ඉස්නානෙට යන ගම නේ
මනකල්වෙලා හඬතලමින් නාන තැ නේ
මල්වර තරුණ අඟනන් දැක අල්ලමි නේ
ඇල්නොව රකින් ආතුර කළු කුමරුව නේ
මනකල්වෙලා හඬතලමින් නාන තැ නේ
මල්වර තරුණ අඟනන් දැක අල්ලමි නේ
ඇල්නොව රකින් ආතුර කළු කුමරුව නේ
අහසට හිමි ඉරහඳ දෙවියන් නේ
පොළොවට හිමි මිහිකත් දෙවියන් නේ
දෙලොවට තෙද ඇති සක්දෙවියන් නේ
මෙලොවට වැඩි දෙවි අවසර දෙන් නේ
පොළොවට හිමි මිහිකත් දෙවියන් නේ
දෙලොවට තෙද ඇති සක්දෙවියන් නේ
මෙලොවට වැඩි දෙවි අවසර දෙන් නේ
දම්බරා මැද්ද මග හිමය මැද යමු
කඩා පලු වීර කාලා වතුර බොමු
අඬන ළමයි මඟ සිටුවා කිරි පොවමු
මයියන්ගනේ වැඳ බැහැදැක යන්ට යමු
කඩා පලු වීර කාලා වතුර බොමු
අඬන ළමයි මඟ සිටුවා කිරි පොවමු
මයියන්ගනේ වැඳ බැහැදැක යන්ට යමු
වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා
ගැටිය නැති මුට්ටි පොඩියේ උයන් කකා
පණම් විස්ස ණය වෙනකොට හිතට දුකා
මීට වැඩිය නරකද ගම හිඟා කකා
ගැටිය නැති මුට්ටි පොඩියේ උයන් කකා
පණම් විස්ස ණය වෙනකොට හිතට දුකා
මීට වැඩිය නරකද ගම හිඟා කකා
කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී
වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී
පැලේ ගොසින් පැල් රැක්කා පැදුර දනී
මෙදා යලේ වී නැතුවා අටුව දනී
වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී
පැලේ ගොසින් පැල් රැක්කා පැදුර දනී
මෙදා යලේ වී නැතුවා අටුව දනී
කළු කපුටා සුදුවන තුරු
ඇසල කණුව ලියලන තුරු
ඉදිබුවාට ලොම් එන තුරු
ආයුබෝවන්න ළදරු
ඇසල කණුව ලියලන තුරු
ඉදිබුවාට ලොම් එන තුරු
ආයුබෝවන්න ළදරු
වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනි
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි
පැල් රක්නා අපෙ වරිගේ හත් මුත්තෝ
උන්දැල හතර පෝයට අටසිල් ගත්තෝ
හේනෙ කුඹුරෙ වැඩ නිසි ලෙස දැන ගත්තෝ
ජාතිත් වාසනාවන් ඒ මී මුත්තෝ
උන්දැල හතර පෝයට අටසිල් ගත්තෝ
හේනෙ කුඹුරෙ වැඩ නිසි ලෙස දැන ගත්තෝ
ජාතිත් වාසනාවන් ඒ මී මුත්තෝ
බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී දෙකක් දුන්නයි මල්ල කට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට
මැනලා වී දෙකක් දුන්නයි මල්ල කට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට
මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
තියෙන දෙයක් දෙන්නෙත් අපි දෙන්නාට
දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
තියෙන දෙයක් දෙන්නෙත් අපි දෙන්නාට
දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
බුලත් කඩාදෙමි කට රතු කරගන්ට
සපුමල් නෙළාදෙමි වරලස ගවසන්ට
දිවසළු ගෙනත්දෙමි බඳවට සරසන්ට
එතොත් වරෙන් දිව සැපදෙමි වළඳන්ට
බුලත් මොටද කස්තුරි කපුරු කන මට
සපුමල් මොටද නාමල් පළඳනා මට
දිවසළු මොටද පටසළු ගවසනා මට
අන් හිමි මොටද මගෙ රන්කඳ ගෙදර කොට
සපුමල් නෙළාදෙමි වරලස ගවසන්ට
දිවසළු ගෙනත්දෙමි බඳවට සරසන්ට
එතොත් වරෙන් දිව සැපදෙමි වළඳන්ට
බුලත් මොටද කස්තුරි කපුරු කන මට
සපුමල් මොටද නාමල් පළඳනා මට
දිවසළු මොටද පටසළු ගවසනා මට
අන් හිමි මොටද මගෙ රන්කඳ ගෙදර කොට
දහසක් දෙනා හිටිනා සබ මැද්දේ
අකුරු උගත් අයමයි පර සිද්දේ
අකුරු නොදත් අය ගොන් වැනි බැද්දේ
උගත මනා දෙයමයි තම ලත්දේ
අකුරු උගත් අයමයි පර සිද්දේ
අකුරු නොදත් අය ගොන් වැනි බැද්දේ
උගත මනා දෙයමයි තම ලත්දේ
මල් මල් කීවාට හැම මල් සුවඳ නැත
මිතුරන් කීවාට හැමදෙන එකඟ නැත
සමන් පිච්ච මල මුදුනේ රේණු නැත
පිටතට පෙනෙන හිතවත්කම සුවඳ නැත
සමන් පිච්ච මල මුදුනේ රේණු නැත
පිටතට පෙනෙන හිතවත්කම සුවඳ නැත
හඳ පායාගන එනකොට ඉඳගත්තා
ඉර පායාගන එනකොට පිටි පිස්සා
ඇට කොරලා පොතු කරලා අරගත්තා
ඒ කොරලාවත් මයෙ බඩ කොස්පොත්තා
ඉර පායාගන එනකොට පිටි පිස්සා
ඇට කොරලා පොතු කරලා අරගත්තා
ඒ කොරලාවත් මයෙ බඩ කොස්පොත්තා
ඉරේ කොනට වැන්දා ඔන්න ගිරවියේ
සඳේ කොනට වැන්දා ඔන්න සාවියේ
මලේ කොනට වැන්දා ඔන්න බමරියේ
සිව්පද උපත අහපන් භූම දේවියේ
සඳේ කොනට වැන්දා ඔන්න සාවියේ
මලේ කොනට වැන්දා ඔන්න බමරියේ
සිව්පද උපත අහපන් භූම දේවියේ
ඉරේ රුවට ඉරවට කෙළින ගිරවියේ
සඳේ රුවට සඳවට කෙළින සාවියේ
මලේ රුවට මලවට කෙළින බමරියේ
සිව්පද උපත අහපන් භූම දේවියේ
සඳේ රුවට සඳවට කෙළින සාවියේ
මලේ රුවට මලවට කෙළින බමරියේ
සිව්පද උපත අහපන් භූම දේවියේ
අහස උපන් තැන සකි නුඹ දන්නවද
පොළව උපන් තැන සකි නුඹ දන්නවද
මුහුද උපන් තැන සකි නුඹ දන්නවද
සිව්පද උපන් තැන සකි නුඹ දන්නවද
පොළව උපන් තැන සකි නුඹ දන්නවද
මුහුද උපන් තැන සකි නුඹ දන්නවද
සිව්පද උපන් තැන සකි නුඹ දන්නවද
අහස උපන් නේ අස්විදයෙන් නොවෙද
පොළව උපන්නේ පුවපුට නොවෙද
මුහුද උපන්නේ මුව සිරියෙන් නොවෙද
සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙද
පොළව උපන්නේ පුවපුට නොවෙද
මුහුද උපන්නේ මුව සිරියෙන් නොවෙද
සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙද
ගාල සක්වලේ වැසි පවනේ දෙවිදා
දහසක් විලේ හැම දෙවියෝ එක් වුනදා
නාද කෙළේ පන්සික වීණාව සදා
සීපද මුලේ වීණාවෙන් උපනි එදා
දහසක් විලේ හැම දෙවියෝ එක් වුනදා
නාද කෙළේ පන්සික වීණාව සදා
සීපද මුලේ වීණාවෙන් උපනි එදා
ඉර වරිවරි ඉර වරිවරි වලල්ලා
සඳ වරිවරි සඳ වරිවරි වලල්ලා
මල වරිවරි මල වරිවරි වලල්ලා
සිව්පද කියන්නට සමතෙක් වරෙල්ලා
සඳ වරිවරි සඳ වරිවරි වලල්ලා
මල වරිවරි මල වරිවරි වලල්ලා
සිව්පද කියන්නට සමතෙක් වරෙල්ලා
ඉර වරිවරි ඉර වරිවරි වළලු නැතී
සඳ වරිවරි සඳ වරිවරි වළලු නැතී
මල වරිවරි මල වරිවරි වළලු නැතී
සිව්පද කියන්නට සමතෙක් මෙහේ නැතී
සඳ වරිවරි සඳ වරිවරි වළලු නැතී
මල වරිවරි මල වරිවරි වළලු නැතී
සිව්පද කියන්නට සමතෙක් මෙහේ නැතී
අම්බලමේ පිනා
වළං කඳක් ගෙනා
ඒක බිඳපු ගොනා
ඒකට මට හිනා
වළං කඳක් ගෙනා
ඒක බිඳපු ගොනා
ඒකට මට හිනා
එගොඩ ගොඩේ තලමලකුත් පිපිඡ්ජා
මෙගොඩ ගොඩට ඒ තලමල පෙනෙඡ්ජා
පළමු පදය කිව්වේ අප්පු වඡ්ජා
දෙවන පදය කිව්වේ උගෙ හුවඡ්ජා
මෙගොඩ ගොඩට ඒ තලමල පෙනෙඡ්ජා
පළමු පදය කිව්වේ අප්පු වඡ්ජා
දෙවන පදය කිව්වේ උගෙ හුවඡ්ජා
තිත්ත කැකිරි තිත්ත දො
කරවට මල් පෙත්ත දො
හබන් කුකුළො දැක්ක දො
තමුසෙට මං තිත්ත දො?
කරවට මල් පෙත්ත දො
හබන් කුකුළො දැක්ක දො
තමුසෙට මං තිත්ත දො?
තිත්ත කැකිරි තිත්ත තමයි
කරවට මල් පෙත්ත තමයි
හබන් කුකුළො දැක්ක තමයි
තමුසේ මට තිත්ත තමයි.
කරවට මල් පෙත්ත තමයි
හබන් කුකුළො දැක්ක තමයි
තමුසේ මට තිත්ත තමයි.
No comments:
Post a Comment