Pages

Thursday, September 28, 2023

කරත්ත කවි

 තණ්ඩලේ දෙන්න දෙපොලේ                         දක්කනවා

කටුකැලේ ගාල නොලිහා වද                             දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ                                  දනවා
පව්කල ගොනෝ ඇදපන් හපුතල්                        යනවා

කළුගල් තළාලයි පාරට                                   දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර                       ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර                          අදින්නේ
කිරිගල්පොත්ත කන්දයි අපි                           නගින්නේ

එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද                   ගොනා
මොගොඩ ගොඩේ නා කණුවේ බැන්ද                ගොනා
දෙගොඩ තළා යන වතුරට පැන්න                      ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා                           ගොනා

වයිර ගොනා දණ ගහලා අදින                            කොට
මයිල ගොනා පැන්නයි පස්සට                          හොරට
මොකද කරන්නේ පූරුවේ කළ                             පවට
පව්කළ ගොනෝ ඇදපන් ගාල                            ගාවට

බතට කන්ට බැරි බතලේ ගල                             කන්ද
අලට කන්න බැරි අලගල්ලේ                              කන්ද
හුනට කන්න බැරි හුන්නස් ගිරි                            කන්ද
මේ කඳු තුනට නායක සමනල                            කන්ද

සසඳ සසඳ හඳ පානේ අපි           යනවා

මම්මල බඳව ගොන් බානක්    දක්කනවා

සකිය සගව්ව‍ට රෝදය කැර      කෙනවා

දත් කැකුළට අපි කුරුණෑගල්       යනවා

සසඳ සසඳ සඳ පානේ අපි යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ යනවා
සකිය සගව්වට රෝදේ කැරකෙනවා
දත් කැකුළට  නාරම්මල ලතැවෙනවා

කොළඹ කො‍ටුවෙ කො‍ටු දොරකඩ තාප්පේ
ඩකු ඩුකු ගගා බිම පෙරළෙන පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ

බත උයලා කාබී අපි සිත අයුර
තණ කවලා ගොන් දෙන්නට දී වතුර
නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර
එළිවෙන ජාමෙ පිටවී යමු හිත මිතුර

බැඳලා විය බාන ගොන් දෙන්නගෙ කරට
මැනලා ගනිමු බෝතලයක් සිලිමකට
බෙදලා බොමුව හැම දෙන එක්ක හරියට
කොතලාවල පසුකර මිතුර හනිකට

සසඳ සසඳ සඳ පානේ අපි යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ යනවා
සකිය සගව්වට රෝදේ කැරකෙනවා
දත් කැකුළට  නාරම්මල ලතැවෙනවා



හඳපානේ නරක ද මීගමු යන්න
එමපානේ නරකද වෙළඳම් යන්න
බැරි රාලේ කරවල ගඳ උහුලන්න
මතුවාරේ නොපතන් මීගමු යන්න


දුප්පත් කමට ගොන් බැදගෙන                   දක්කනවා
කන්නත් නැතුව රෑ දහවල්                         වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දිලා                    ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක්                 වෙනවා


දුප්පත් කමට ගොන් බැඳගෙන       දක්කනවා
කන්ටත් නැතුව දිව රෑ අපි        වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී අපි     ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක්         වෙනවා

වයිර ගොනා දණ ගහලා                අදිනකොට
මයිල ගොනා පැන්නයි පස්සට             හොරට
මොකද කරන්නේ පූරුවේ කළ                පවට
ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට

බතල කන්ට බැරි බතලේ ගල කන්ද
අලට කන්ට බැරි අලගලේ කන්ද
හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමණල කන්ද

උපන්නාට මේ ලොව වැනෙනවා විනා
ලොව සිරිතට අඹු දරු රකිනවා විනා
රූපේ අරන් පාපේ ගෙවනවා විනා
ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා

කළු ගල් තලාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
කිරිගල් පොත්ත කන්දයි අපි නගින්නේ

බර වැඩියෙන් පටවා කළ වරදට
තඩිබාල දැක්කුවෙ ගොන් ඉස්සරට
වුණ මෙමුලා කියමිද මම දැන් කාට
සුදු වයිරෝ ඇදපන් ගාල ගාවට

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා
මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා


බත උයලා කා බී අපි සිත අයුර
තණ කවලා ගොන් දෙන්නට දී වතුර
නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර
එළිවෙන යාමෙ පිට වී යමු හිත මිතුර

කළුගල් තළාලයි පාරට දමන්නේ
එමගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ
ගොනා නො වෙයි හරකයි බර අදින්නේ

කිරිගල් පොත්තෙ කන්දයි මේ ගෙවෙන්නේ


වයිර ගොනා දණ ගහන අදින කොට
මයිල ගොනා පැන්නයි පස්සට හොරට
මොකද කරන්නේ පූරුවේ කළ පවට
පව්කළ ගොනෝ ඇදපන් ගාල ගාවට

බතට කන්ට බැරි බතලේගල කන්ද
අලට කන්ට බැරි අලගල්ලේ කන්ද
හුනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනල කන්ද

කඳු ඇදලා දෙපයට සවි නැත ඉතිනේ
බර ඇදලා ඉල ඇට පොඩි විය තදිනේ
දුක සිතිලා ගම නෑයන් මතක් උනේ
ගම ඉඳලාවත් පණ යන්න නොලැබුනේ

බණේ කොහොම කීවත් පව් පලදෙනවා
පිනේ අරුම නො සිතා අපි පහුවෙනවා
ගොනේ 'ඹටත් කළ පව් දැන් තේරෙනවා
අනේ ගොනේ ඇදපන් මීගමු යනවා

තන්ඩලේ දෙන්න දෙපලේ දක්කනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
කළුකැලේ ගාලෙ නොලිහා වද දෙනවා
පව්කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා

දුප්පත් කමට ගොන් බැඳගෙන දක්කනවා
කන්නත් නැතුව රෑ දාවල් වෙහෙසෙනවා
ගොන්ඩත් නොයෙක් වද දී-ලා ගෙනියනවා
දැන්පත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා


හපුතලේ යන්ඩ යනකොට කඳු                   බොහොමා
ඒවා අදින්නට හරකුන් නැති                               හේමා
පිනට පවට අපි ඉපදුණෙ මෙහෙම                         තමා
පව් කළ ගොනෝ ඇදපන් යන්තමට                     තමා

සසඳ සසඳ හඳ පානේ අපි                                   යනවා
මම්මල බඳවා ගොන් බානක්                         දක්කනවා
සකිය සගව්වට රෝදය                             කැරකෙනවා
දත් කැකුළට අපි කුරුණෑගල්                             යනවා

හඳපානේ නරකද මීගමු                                       යන්න
එම පානේ නරකද වෙළදම්                                 ගන්න
බැරි රාලේ කරවල ගඳ                                  උසුලන්න
මතු වාරේ නොපතන් මීගමු                                 යන්න

ඉරනවද ළඳේ තල කොළ                                 ඉරනවද
පුරනවද ළඳේ හැඹිලිය                                     පුරනවද
වියනවද ළඳේ හැඹිලිය                                    වියනවද
මටදෙන හැඹිලියේ වැඩ ඉවර                            නැතිවද

දුප්පත් කමට ගොන් බැඳගෙන                       දක්කනවා
කන්නත් නැතිව රෑ දාවල්                         වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දීලා                      ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක්                          වෙනවා

තණ්ඩලේ දෙන්න දෙපොලේ                         දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද                             දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ                                  දනවා
පව්කල ගොනෝ ඇදපන් හපුතල්                        යනවා

කළුගල් තළාලයි පාරට                                   දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර                       ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර                          අදින්නේ
කිරිගල්පොත්ත කන්දයි අපි                           නගින්නේ

ආරන්නේ පඳුර වටකර දළු                                  ලන්ට
පීරන්නේ වරල තෙල් ගා ඔප                             වෙන්ට
මෝරන්නේ හඳේ කළුවර වැඩි                             වන්ට
තේරෙන්නේ නැද්ද මේ දුක දෙවි                         යන්ට

රෝද දෙකට තෙල් දාපිය                           කැරකෙන්ට
ගොනුගේ අඟට කොපු දාපිය                          බබළන්ට
ගොනුගේ කරට මිණි බැඳපිය නද                       දෙන්ට
කෝටුව අරන් එලවාසිය ගොනු                           යන්ට

එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද                   ගොනා
මොගොඩ ගොඩේ නා කණුවේ බැන්ද                ගොනා
දෙගොඩ තළා යන වතුරට පැන්න                      ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා                           ගොනා

සසඳ සසඳ කඳ මහ පාරේ                                   යනවා
අත්වැල් බඳට රෝදය                               කැරකෙනවා
හත් හරියට ගොන් බානක් බැඳ                           යනවා
හත් හරියට අපි නාරාංගල                                   යනවා

බදුලු යන්න මහ පාරත්                                තියෙන්නා
කැවිලි කන්න කඩ වීදිය                              තියෙන්නා
වතුර බොන්න ගාංඟාවක්                             තියෙන්නා
සාදු සාදු මුතියංගණ                                  පෙනෙන්නා

නාවාලා ගොන් බානක් බැඳලා                             ගියා
සෝදාලා සුදු සරමක් ඇඳලා                                 ගියා
තෙල් ගාලා කොණ්ඩේ පීරාල                              ගියා
හතර වරම් දෙවි රැකපන් බදුලු                              ගියා

වයිර ගොනා දණ ගහලා අදින                            කොට
මයිල ගොනා පැන්නයි පස්සට                          හොරට
මොකද කරන්නේ පූරුවේ කළ                             පවට
පව්කළ ගොනෝ ඇදපන් ගාල                            ගාවට

අම්බලං පෝරු පිට සිටිනා                                ළඳුනේ
රංසලං ලෙසට ගෝමර පිට                               දිලුනේ
මං බොලං එහෙම දේකට නැත                         අගුනේ
රං දොඹේං පිටත් වෙන කොට හද                     මුදුනේ

බතට කන්ට බැරි බතලේ ගල                             කන්ද
අලට කන්න බැරි අලගල්ලේ                              කන්ද
හුනට කන්න බැරි හුන්නස් ගිරි                            කන්ද
මේ කඳු තුනට නායක සමනල                            කන්ද

කඳු ඇදලා දෙපයට සවි නැත                            ඉතිනේ
බර ඇදලා ඉල ඇට පොඩි විය                           තදිනේ
දුක සිතිලා ගම නෑයන් මතක්                              උනේ
ගම ඉඳලා වත් පණ යන්න                       නොලැබුනේ

කන්දේ කකා ලන්දේ යන                           බෝසත්තු
අත මිණි බැඳ පය මිණි බැඳ ජය                          ගත්තු
රාජ සබෙන් සොඳ කරුණා ලැබ                         ගත්තු
වලවේ ගඟට බැස්සොය ගෝමර                        ඇත්තු

බණේ කොහොම කීවත් පවු පල                      දෙනවා
පිනේ අරුම නොසිතා අපි පසු                          වෙනවා
ගොනෝ උඹත් කළ පව් දැන්                    වැටහෙනවා
අනේ ගොනෝ ඇදපන් මීගමු                            යනවා

කන්ද නගින කොට දෙවියනි බඩ                        දනවා
තැන්න බහිනකොට වීරිය උඩ                           යනවා
පල්ලම් දකින විට අතපය                           වෙව්ලනවා
විෂ්ණු කතරගම දෙවියන් රැක                          දෙනවා

කල්බලා සිටිය සමනලයින්                               පන්නා
මල් තලා පැමිණි බඹරුන් රොන්                       ගන්නා
පුල්ලියා කන්ද දුටුවම                                  නවතින්නා
පල්ලමේ සෙමෙන් දක්කවු ගොන්                   දෙන්නා

කළු ගල් තළාලයි පාරට                                 දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර                      ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර                         අදින්නේ
කිරිගල්පොත්ත කන්දයි අපි                          නගින්නේ

ආරන්නේ පඳුර වටකර දළු                                  ලන්ට
පීරන්නේ වරල තෙල් ගා ඔප                             වෙන්ට
මෝරන්නේ හඳේ කළුවර වැඩි                           වෙන්ට
තේරෙන්නේ නැද්ද මේ දුක                           දෙවියන්ට

රෝද දෙකට තෙල් දාපිය                             කැරකෙන්ට
ගොනාගේ අඟට කොපු දාපිය                           බබළන්ට
ගොනුගේ කරට මිණි බැඳපිය නද                         දෙන්ට
කෝටුව අරන් එලවාපිය ගොනු                             යන්ට

එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද                     ගොනා
මෙගොඩ ගොඩේ නා කණුවේ බැන්ද                   ගොනා
දෙගොඩ තළා යන වතුරට පැන්න                        ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා                             ගොනා

තණ්ඩලේ දෙන්න දෙපලේ                              දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද                               දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ                                    දනවා
පව් කළ ගොනෝ ඇදපන් හපුතල්                         යනවා

රිදී කළේ රන් කොතලේ බීපු                                      මට
මැටි බඳුනේ දිය නොලැබෙයි                             පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති                              අපට
මෙහෙමත් කළ ගියද පළු වීර ගස්                                යට

No comments:

Post a Comment