Pages

Thursday, September 28, 2023

පාරු කවි

 ඔන්න මලේ ඔය නාමල නෙළා                           වරෙන්

අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා                         වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා                            වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී                                      වරෙන්

සූරිය උදාවන තුරු පිනි                                     බෑවිල්ල
පාරුව පදින තුරු ජලයේ                              සෙලවිල්ල
මාරුව බල බලා හිතයට                                කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත්                         රැවටිල්ල

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ                             පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර                            කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන                           සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ                            පැටියා

මලේ මලේ තැඹිලිය වැන්න පොල්                     මලේ
රැලේ රැලේ මූදෙන් දමන දිය                              රැලේ
බලේ බලේ රාසිය දෙවියන්ගෙ                           බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා                         මලේ

සස්සඳ සස්සඳ දිය මතුපිට තියේ                             මල
සස්සඳ සස්සඳ දිය පල්ලේ තියේ                             අල
වැස්සට පිනි බබා මෝරන කැකුළු                          මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම්                         මල

ගමන් යන්ඩ නැකතින් පාරු පැද    ගෙනේ

සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ    ගෙනේ

මෙවන් කළු ගගේ කඳු මුල් බලා    ගෙනේ

අපිත් යමුව සැම දෙවියන්ට වැඳ    ගෙනේ


දමා තැල්ල කරවට ගෝමර කැටියා
තමා බෙල්ල ගඟ පහළට රුව කැටියා
රුවන්වැල්ල ගඟ පිට අඟනක් සිටියා
නුඹම පල්ල මේ මුළු සක්වල වටියා

ගමන් යන්න නැකතින් පාරු පැද ගෙන
සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ ගෙන
මෙවන් කළු ගඟේ ගල් මුල් බලා ගෙන
අපිත් යමුව සැම දෙවියන්ඩ වැඳ ගෙන

සීරුව ඔබට කණු නො ම සිටුවා මහත
වාරුව ඇතුව දිය පිට තැනු ගෙයක් ඇත
මාරුව තැනින් තැන මඩු ගෙන ගමන් යත
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ නැත

ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවේ නැගී වරෙන්

මොට ද උපන්නේ මේ වියලුවේ රටේ
බැඳපු ගල් බැම්ම මයියංගණේ වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු රිටේ

පාරු පදින රුව බල වේරගං තොටේ

කතර ගමයි දේවාලය දෙවියන්ගේ
අතර මගයි අද අපි දිය නෑවේ ගඟේ
සතර දෙනයි ගැවේ රන් සඳුන් ඇගේ
වතුර හොඳයි කවදත් නිල්වලා ගඟේ

සීරුවේ ඇවිත් ඉඳගෙන පාරුවට
මාරුවේ හබල් අදනව විටින්විට
පූරුවෙ කරපු අකුසල් ගෙවන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනව දැනට

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා

ගමන් යන්ඩ නැකතින් පාරු පැද ගෙනේ
සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ ගෙනේ
මෙවන් කළු ගගේ කඳු මුල් බලා ගෙනේ
අපිත් යමුව සැම දෙවියන්ට වැඳ ගෙනේ

ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාධුකාර දී ඔරුවක නැගී වරෙන්

ගහක් කපාගෙන ඔරුවක් කොටා ගෙන
හබලක් හදාගෙන ගඟකට දමා ගෙන
එගොඩත් බලාගෙන මෙගොඩත් බලා ගෙන
කොළුවෙක් තෙමී ගෙන ඔරු පදි මුලා වෙන

මස්සිනාගෙ මගුලට මම රුහුණු ගියේ
ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ
පස්ස බලන කොට අඟුලක් ගිලී ගියේ
රත්තරන් ලියකි තෙලිකඩ ගඟේ ගියේ

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
අතු අග පිපෙන සපු මල වාසනාවන්
අපේ අම්මා ජාතිත් වාසනාවන්

එගොඩත් බැලිමි එගොඩත් දේදුන්න වගේ
මෙගොඩත් බැලිමි මෙගොඩත් දේදුන්න වගේ
දෙගොඩම බැලිමි දෙගොඩම දේදුන්න වගේ
පේරාදෙණියෙ පාලම දේදුන්න වගේ

එගොඩ ගොඩට යනකොට සූරියා වගේ
මෙගොඩ ගොඩට එනකොට බැබිල මල වගේ
දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ
උඔ නම් ලඳේ මට හිත ඇති කෙනෙක් වගේ




No comments:

Post a Comment