Pages

Thursday, September 28, 2023

රබන් පද

 01. සඳුන් කැලේ අපි යනකොට රිලව් පනිනවා එක රිලවෙක් බඩ බැඳගෙන පිනුම් ගහනවා තක දොං පිනුම් ගහනවා

02. දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ටගමක් උඩ තුටිටු දෙකක් ඇත

03. උඩ පල ගත්තත් වට්ටක්කා බිම පල ගත්තත් වට්ටක්කා උඩ පල ගත්තත් බිම පල ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්කා

04. තරිකිට දොං දොං අවුරුද්දයි රබාන දැන් දැන් හරි සද්දයි තකිට දොදොං තකිට දොදොං තකිට දොදොං දොං අපට අරන් කැවුම් කොකිස් නැන්ද එනව දොං අක්කෙ වරෙන් නෑනේ වරෙන් නැන්දත් කැඳවන් අවුරුද්දට අපි හැමෝම රබන් ගහමු දැන්

05. රුං රුං රුඳ ගත රුංද ගතත් ගත රුංද ගතත් ගත තෙයි අපේ ගෙදර තුන් දෙනයි උඩහ ගෙදර තුන් දෙනයි පහළ ගෙදර තුන් දෙනයි තුන් පොළේම නව දෙනයි ගසට පලච්චෙයි විමනා ගසින් වැටිච්චෙයි විමනා විමනා කුන්ද මනා කුකඳ මනා කුඳං මනා දොං

06. වත්ත කතත් කතත්තා ගෙදර ගතත් කතත්තා වත්ත කතත් ගෙදර කතත් දෙකම කතත් කතත්තා

07. මිටක් අරගෙන විහාරෙට ගොසින් නංගියෙ පූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන් බුදුන් දම් සඟුන් වැඳ-ලා දෙගුරු ගුරු වරන් සිහිකර පූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන් තක තෙයි පූජකර වරෙන්

08. වංගගිරි මැද වෙස්සන්තර රජ දනක් දුන් සැටි අසන් දොං දොං රංග බබළාබබළ බබළා නමින් අදිපති සුරන් දොං දො රංබ රඹ ගස යටට වී හැම කොළොම්පුරයේ ඉඳන් දොං දොං මේ ලංකාවේ නිරින්ඳුන් ඉදිරියේ ගසමුව රබන් දොං දොං

09. රෑන ගිරවු නටතෙයි ගුඳං ගුඳ පේර දොඩම් වැටෙතෙයි – විටිං විට පේර දොංම් වැටෙටතයි

10. උඩින් උඩින් වර පෙත්තප්පු බිමින් බිමින් වර පෙත්තප්පු උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පු

11. රාන් කිරිල්ලිය රාන් කිරිල්ලිය රාන් කුරුල්ලට එන්න කියාපිය රන් පුටුවක් උඩ ඉන්න කියාපිය නූලක් මතුරල දේන කියාපිය

12. රන් රඹුටන් ගස් දෙකයි වළි කුකුළන් පස් දෙනයි උන්ගෙ කරේ බොත්තමයි බලන්න හරි ලස්සණයි

13. අත්තක රතු මල් අත්තක සුදු මල් වලූ මල් බෙලි මල් නැන්දගෙ වත්තේ රෑණ කිතුල් මල් තකදොං තරිකිට තකදොං තරිකිට තකදොංතා තකදොංතා

14. තාක්ක දොං දොං තාක්ක දොං දොං තේක්ක මල් පිපිලා ඔන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා

15. ඉද්ද මලයි මල් වඩමයි දොංත තකිට තා නෙලූම් මලයි මල් වඩමයි දොංත තකිට තා දොං ත තකිට දොංත තකිට දොංත තකිට තා

16. ඉර බසිනා කල ගසකට කුකුළන් පියාසරින් නගිතෙයි දෙපතුල් කටුවන් කරමල් රතුවන් රිංද ගුඳන් තකතෙයි එළිවෙන යාමෙට ඌ ඉඳ එතනින් හීන් හඬින් හඬතෙයි කුකුළගෙ සවුදම ඔන්න ගසනවා කොක කොක් ගහිති ගතෙයි

17. වත්තෙ නැන්දගේ රෙද්දෙ තුත්තිරි සිද්ද පත්තිනි දෙයියනේ තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත් තිත්තමයි හැම දෙයියනේ තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් දෙකෙන් බැද්දත් කොබෙයියා

18. රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙට ගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි මදු කොළ අහුරක් මිටට කඩාගෙන ඉදොඃ ඉදොඃ කියතෙයි – තෙතෙයි තෙයි ඉදොඃ ඉදොඃ කියතෙයි බාන් පොටක් ගෙන කර දමාගෙන කදුරු ගහේ බඳිතෙයි – තෙතෙයි තෙයි කදුරු ගහේ බඳිතෙයි මෙච්චර මේ රටේ පිරිමි සිටිද්දිත් ගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි

19. රන් කුඹලයි රන් කුඹලියි රටක පලච්චී ගෙදර හිටිය වකුටු කෙල්ල දීග පලච්චී දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත වන්ඩු දෙකක් උඩු පිට්ටු දෙකක් ඇත තන තන්න තන තන්න තන තන්න කීවා ළැම පැත්ත උස් වෙන්න කිරි මැට්ටා ගෑවා

20. බච්චො ආත්තත් ගොඬේ ආත්තත් කොත්තන් මුත්තත් – බබියානත් යකදුරු මුත්තත් පේදුරු මුත්තත් ඉලූක් කනත්තත් – කිරි එතනත් යද්දෙහි මුත්තත් ගෝසක මුත්තත් සලමන් මුත්තත් – කළු මුත්තත් මේ හැම මුත්තල අපේ ආත්තල කොහේ ගියත් දැන් – සුර පුරයේ

21. තකිට දොං දොං - තකිට දොං දොං තකිට දොං දොං දොං - අපිට අරන් කැවුම්, කොකිස් නැන්දා එනවා දොං තරිකිට දොං දොං අවුරුද්දයි රබාන දැන් හරි - හරි සද්දයි තකිට දොං දොං - තකිට දොං

22. පිලවක්කේ කැත්ත දො දොං පිලවටකර කැත්ත දො දොං ගුදං ගතං කැත්ත දො දොං රාං රූං කැත්ත දො දොං

23. එගොඩ ගොඩෙත් රත්තරන් මෙගොඩ ගොඩෙත් රත්තරන් එගොඩ ගොඩෙත්, මෙගොඩ ගොඩෙත් ඇතෙක් බරට රත්තරන්...........

24. රන් තැඹිලි ගස් දෙකයි ගොන් තැඹිලි ගස් දෙකයි ගස් දෙකට මල් දෙකයි මල් දෙකට ගෙඩි දෙකයි

25. බුබුල් බුබුල් බණ්ඩක්කා තුට්ටු දෙකට මං ගත්තා තුට්ටු දෙකට මං අරගෙන තුට්ටු දෙකට මං වික්කා

26. බබරගලේ බබරගලේ බබර බදිනවා බබරගලේ බබර සුවද ගෙටම වදිනවා තක දොන් ගෙටම වදිනවා

27.තේක්ක නැන්දේ තේක්ක නැන්දේ තේක්ක මාමා කොයි අන්න බලන් සකි මෙන්න බලන් සකි ගහ උඩ සිට පෙරලෙයි

28.ඉහල ගෙදර තුන් දෙනයි

පහල ගෙදර තුන් දෙනයි

අපේ ගෙදර තුන් දෙනයි 

මුලු වත්තෙම නව දෙනයි



රුං රුං රුඳ ගත
රුංද ගතත් ගත
රුංද ගතත් ගත තෙයි

අපේ ගෙදර තුන් දෙනයි
උඩහ ගෙදර තුන් දෙනයි
පහළ ගෙදර තුන් දෙනයි
තුන් පොළේම නව දෙනයි

ගසට පලච්චෙයි විමනා
ගසින් වැටිච්චෙයි විමනා
විමනා කුන්ද මනා කුකඳ මනා
කුඳං මනා දොං

වත්ත කතත් කතත්තා
ගෙදර ගතත් කතත්තා
වත්ත කතත් ගෙදර කතත්
දෙකම කතත් කතත්තා

සමන් මල් මිටක් නංගියෙ ඉද්දමල් 
        මිටක් අරගෙන විහාරෙට ගොසින් නංගියෙ
පූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන්
බුදුන් දම් සඟුන් වැඳ-ලා දෙගුරු ගුරු 
වරන් සිහිකර පූජකර වරෙන් නංගියෙ
පූජකර වරෙන් තක තෙයි පූජකර වරෙන්

වංගගිරි මැද වෙස්සන්තර රජ දනක් 
දුන් සැටි අසන් දොං දොං
රංග බබළාබබළ බබළා 
නමින් අදිපති සුරන් දොං දො
රංබ රඹ ගස යටට වී හැම 
                        කොළොම්පුරයේ ඉඳන් දොං දොං
මේ ලංකාවේ නිරින්ඳුන් ඉදිරියේ 
                        ගසමුව රබන් දොං දොං

රෑන ගිරවු නටතෙයි ගුඳං ගුඳ
පේර දොඩම් වැටෙතෙයි - විටිං විට
පේර දොංම් වැටෙටතයි 


උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර 
බිමින් බිමින් වර පෙත්තප්පු
කජ්ජු කන්න වර
කජ්ජු කන්න වර පෙත්තප්පු

රාන් කිරිල්ලිය රාන් කිරිල්ලිය
රාන් කුරුල්ලට එන්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
නූලක් මතුරල දේන කියාපිය

රන් රඹුටන් ගස් දෙකයි
ගිනි කුකුළන් පස් දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි
බලන්න හොඳ ලස්සණයි

අත්තක රතු මල් අත්තක සුදු මල් 
වලූ මල් බෙලි මල්
නැන්දගෙ වත්තේ රෑණ කිතුල් මල්
තකදොං තරිකිට තකදොං තරිකිට
තකදොංතා තකදොංතා

තාක්ක දොං දොං තාක්ක දොං දොං
                              තේක්ක මල් පිපිලා
ඔන්න බලන් සකි මෙන්න බලන් සකි
                              පාරට අතුනැමිලා

ඉද්ද මලයි මල් වඩමයි දොංත තකිට  තා
නෙලූම් මලයි මල් වඩමයි දොංත තකිට  තා
දොං ත තකිට දොංත තකිට දොංත තකිට          තා

ඉර බසිනා කල ගසකට කුකුළන් 
                           පියාසරින්       නගිතෙයි
දෙපතුල් කටුවන් කරමල් රතුවන් 
                           රිංද ගුඳන්               තකතෙයි
එළිවෙන යාමෙට ඌ ඉඳ එතනින්
                           හීන් හඬින්        හඬතෙයි
කුකුළගෙ සවුදම ඔන්න ගසනවා
                           කොක කොක් ගහිති  ගතෙයි

වත්තෙ නැන්දගේ රෙද්දෙ තුත්තිරි
                             සිද්ද පත්තිනි  දෙයියනේ
තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත් 
                             තිත්තමයි හැම  දෙයියනේ
තෙලෙන් බැද්දත් කොබෙයියා 
                             කිරෙන් බැද්දත්        කොබෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
                             දෙකෙන් බැද්දත්      කොබෙයියා

රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙට
ගෑනු හරක් බඳිතෙයි - තෙතෙයි තෙයි
ගෑනු හරක් බඳිතෙයි

මදු කොළ අහුරක් මිටට කඩාගෙන 
ඉදොඃ ඉදොඃ කියතෙයි - තෙතෙයි තෙයි 
ඉදොඃ ඉදොඃ කියතෙයි

බාන් පොටක් ගෙන කර දමාගෙන 
කදුරු ගහේ බඳිතෙයි - තෙතෙයි තෙයි 
කදුරු ගහේ බඳිතෙයි

මෙච්චර මේ රටේ පිරිමි සිටිද්දිත් 
ගෑනු හරක් බඳිතෙයි - තෙතෙයි තෙයි 
ගෑනු හරක් බඳිතෙයි

රන් කුඹලයි රන් කුඹලියි රටක පලච්චී
ගෙදර හිටිය වකුටු කෙල්ල දීග පලච්චී

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
වන්ඩු දෙකක් උඩු පිට්ටු දෙකක් ඇත

තන තන්න තන තන්න තන තන්න කීවා
ළැම පැත්ත උස් වෙන්න කිරි මැට්ටා ගෑවා


No comments:

Post a Comment