Pages

Sunday, August 4, 2024

ගෙදර එන්න


අම්මා ගියා රෑට කන්න 

පලා මිටක් නෙළා ගන්න

එනවා මහ වැහි වහින්න

අම්මෙ අනේ ගෙදර එන්න


පියා ගියේ වැඩ කරන්න 

වෙලේ නියරවල් බදින්න

එනවා මහ වැහි වහින්න 

වහින්න පෙර ගෙදර එන්න


අක්කා ගියා දර කඩන්න

ඉදුණු හිබුටු අරන් එන්න

එනවා මහ වැහි වහින්න 

හිබුටු එපා ගෙදර එන්න 


අයියා ගියේ පොළට යන්න

බරටම බඩු රැගෙන එන්න

එනවා මහ වැහි වහින්න 

අයියෙ, හනික ගෙදර එන්න


වැහි ඇදිරිය තද කරන්න 

වැහිළිහිණින් පියාඹන්න 

ගොරවා විදුලිය කොටන්න

එපා ටිකක් පමා වෙන්න 


එච්. ඩී. ජයතිලක 

No comments:

Post a Comment