හතරරියන් සහ දෙරියන්
එකම ගමේ යහලුවෝය
මේ දෙන්නා කලක පටන්
බොහොම එකමුතුයි
එක දවසක් මේ දෙන්නා
දෙමං සලේ මුණ ගැහිලා
හවුලෙ වැඩක් අරඹන්නට
කතිකා කෙරුවා
අපි දෙන්නා හවුල් වෙලා
යම් පමණට මුදල් යොදා
හොද කිරි එලදෙනක ගනිමු
දෙරියන් කිවුවා
ඒ අදහස බොහොම අගෙයි
මගෙන් මුදල් අඩක් ලැබෙයි
හතරරියන් එක වරටම
සතුට පළ කළා
හවුලෙ ගත්ත මේ එළදෙන
අප අතරේ බෙදිය යුතු ය
ඒත් කොහොම දැයි බෙදන්නේ
පැනයක් නැගුණා
අපොයි ඒක සුලු දෙයක් නෙ
ඔබ මොකටද පසු තැවෙන්නේ
දෙරියන් ඌ බෙදන අයුරු
මෙසේ පැවසුවා
වැඩිම වටිනකම තියෙන්නෙ
කොයි දේකත් ඉදිරි පැත්තෙ
ඒක නිසා ඉදිරි පැත්ත
හතරරියන්ටයි
වටිනකමින් අඩු වුනාට
පසු පස මට හොදටම ඇති
ඔබට හොදම කොටස දීම
මගේ යුතුකමයි
දෙරියන්ගේ කපටි බහට
හතරරියන් රැවටුණේය
එදා පටන් කිරි එළදෙන
හවුලෙ වැඩෙනවා
එළදෙන බැද තබන කඹය
කරපට සහ තණ පුණක්කු
හතරරියන් ගෙන් සැපයේ
ගිවිසුම එහෙමයි
එළවළු කොරටුවට, වෙලට
හේනට පැන්නොත් එළදෙන
වගා පාළුවට දඩයත්
හතරරියන්ගෙන්
දෙරියන් වියදමක් නැතුව
කිරි ටික නොමිලයේ ලබයි
පොහොරට ගොමටික ලැබුණා
පැටවත් ලැබුණා
No comments:
Post a Comment