Pages

Thursday, September 28, 2023

පතල් කවි

 

මහ බෝගලට අපි ඇවිදින් විඳිනදුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයාකකා
පනන් විස්ස ණය වෙනකොට සිතේදුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන්දුකා
**
දුම්බර කන්ද පාමුල මිනිරන්පතළේ
බැහැලා බඹ තිහක් කලුගල සිදුරුකළේ
බස්නාහිරට දෝනා දෙක ගමන්කළේ
විස්තර කියමි දුම්බර මිනිරන්පතළේ
**
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට

වදුරා ගොඩට අපි ඇවිදින් විදින
ගැටිය නැති මුට්ටි පොඩියේ උයන්
පණම් විස්ස ණය වෙනකොට හිතට
මීට වැඩිය නරකද ගම හිඟා


වළ ඇතුළේ සොල්දර          වාසනාවන්
සොල්දර උඩට දබරේ          වාසනාවන්
දබරේ උඩට දම්වැල            වාසනාවන්
දුප්පත් අපට පතලේ            වාසනාවන්

මං මුළා වෙලා මේ රට                  පසුවෙනවා
අයියලා ඉඳන් මට තව දුක්                  දෙනවා
අම්මලා අපට පෙව් කිරි සිහි               වෙනවා
බංගලා වළේ දෝනාවට අපි                 යනවා

දුම්බර කන්ද පාවුල ගම                      රාගෙදර 
මිනිරන් ගෙන යන්න කැපුවා              මහ පාර
වතුරෙන් සැප හොඳයි කුඹුකේ ළින්         වතුර
ගන රන් රුවයි මිනිරන් කඳ               රාගෙදර

මිනිරන් පතලෙ හරියට අපෙ ගෙදර            වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්මා             වගේ
ලියනඅප්පු පවුලේ ලොකු අයිය                  වගේ
ලෝඩර ගොල්ල හරියට මහ සොහොන      වගේ

මහත්තයෝ මං කී දේ අහනව                          ද 
අතේ තියෙන කරගැට පොඩි බලනව                ද 
පොතේ තියෙන පඩි ගණනත් කියනව              ද 
ගමයට යන්ඩ පඩි තුන්ඩුව ලැබෙනව                ද 


එන්ඩ කිව් දිනට පඩි ගන්නට                         ආවා
දෙන්ඩ තොපට පඩියක් මෙහෙ නැත             කීවා
වෙන්ඩ තිබෙන දේ නවතන්නට                 බැරිවා
යන්ඩ කියා කන්සට පහරක්                       ගැසුවා

වඳුරාගොඩට අපි ඇවිදින් විඳින                      දුකා
ගැටිය නැති මුට්ටු පොඩියේ උයන්                කකා
පනම් විස්ස ණය වෙන කොට හිතට               දුකා
මීට වැඩිය නරකද ගම හිඟා                          කකා


ඉන්නෙත් මීගොඩයි විත් පූරුවේ                  පවට
දෙන්නෙත් රුපියලයි කෑමයි මදි                මෙමට
කන්නෙත් කරවලයි රට හාලේ                    බතට
සුන්බත් වෙමින් යන්නට වෙයි මට               ගමට

ඩබරෙ කරකවා අත් දෙක                    වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                      කනවා
වතුර ඇදල අත්වල කරගැට                         එනවා
මිතුරෙ පතල් වැඩ ගැන මගෙ මඩ                 දනවා

දෝත මුදුන් තබමින් සුරිඳුන්                          වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින්                       දෙමු
දන්න දන්න තාලෙන් සීපද                           කියමු
දෝස දුරැර අපි ගම රටවල                            යවමු

වල ඇතුලේ සොල්දරෙ වාසනාවන්
සොල්දරෙ උඩින් දබරේ වාසනාවන්
දබරෙ උඩින් දම්වැල වාසනාවන්
දුප්පත් අපට පත්ලේ වාසනාවන්

ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කල පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට

මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්ම වගේ
ලියන අප්පු පවුලේ ලොකු අයිය වගේ
ලෝඩර් ගොල්ල හරියට මහසෝන වගේ

මහ බෝගලට අපි ඇවිදින දුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා

මී වදේ ලෙසට ඉල්ලම සොයා ගෙන
එම වදේ ලෙසට කටු පණ තියා ගෙන
ආයුදේ ලෙසට ඉල්ලම් කටු රැ ගෙන
මේ සඳේ පතල් වල ඉල්ලම් කපන

ඉර පායා එනකොට රැස් විහි දෙනවා
සද පායා එනකොට තරු දිලි සෙනවා
මල් පිපිලා සුවදට බමරුන් එනවා
ලද නුඔ මතක් වෙන කොට හදවත දනවා

කිරිමදු කොල කිරිමදු කොල කිරි අම්මේ
කිරට අඬන අත දරුවෙකි මම අම්මේ
අනුන් දෙන බතට වග බොහොමයි අම්මේ
ඈත හිටන් කටහඬ පානුය අම්මේ





  දුකා
කකා
දුකා
කකා



No comments:

Post a Comment