ගහක් උඩින් මුවෙක් පැන්නා- කෙසෙල් මුව
කිසි කෙනෙකු නොයා යුතු මග - නොමග
කාන්තාරයේ නැව - ඔටුවා
වඩු බාස් ලග ඇති රට - බුරුමය
කටු නැති කැලේ ඇට නැති සතා - උකුණා
කිසිවෙකු නොකියවන පොත - ඉලපොත
ගස් වල නැති මල - කම්මල
බෙල්ලාගේ දිව කපපුවාම කියන නම - ගොලුබෙල්ලා
ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් - අන්නාසි
අතු අග පිපෙන ලිය - අරලිය
වලලද්දි කොලපාටයි ගොඩ ගද්දි කහ පාටයි - කෙසෙල් කැන
කිඹුලගෙ මල්ලි - හූනා
ලේ කිවට රතුත් නෑ, නා කීවට දලුත් නෑ - ලේනා
බෝතලේට දාන්න බැරි පැනි - කොම්පැනි
කන්න දෙනකොට ජීවත් වෙනවා, වතුර දෙනකොට මැරෙනවා - ගින්දර
කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ වැඩකරනවා - යතුර
කාගෙත් අයියා - දහයියා
පුංචි ලිදේ වතුර රසයි - කුරුම්බා
අලියා නොකන දල්ල - ගිනි දැල්ල
සුදු මහත්තයා හොටු පෙරාන - ඉටි පන්දම
සුදු මහත්තයා කලු තොප්පියක් දාගෙන - ගිනි කූර
ගින්නක් නැතිව නගින දුම - මීදුම
ඔක්කොගෙම මල්ලි - කොත්තමල්ලි
ඔක්කොගෙම අක්කා - වට්ටක්කා
තනි කකුලෙන් ඉන්න සුද්දා - බිම්මල
නැට්ට නැති කොලය - පත්තර කොලය
අගුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා - දුම් රිය
පීනන්න බැරි මාලු - ආනමාලු
ඇගේ වදිනවා ඒත් අල්ලන්න බෑ - සුළං
පළතුරකි,ලෙඩකි නමට අකුරු තුනකි - පැපොල්
පාට හතරකින් ගෙට ආවා එක පාටකින් පිටවූවා - බුලත් විට
මල් සුවදයි ගෙඩි තිත්තයි,නොතෙරුවොත් ටොකු විස්සයි - කරවිල
ඇදුම් සීයක් ගැලෙව්වත් බොත්තම් නෑ - ගෝවා ගෙඩිය
කටු නැති කැලේ ඇට නැති සතා - උකුණා
අනුන් පාවිච්චි කරන තමන්ට අයිති දෙයක් - නම
ලෝකේ ලොකුම ගින්න - බඩගින්න
ගියොත් ආයෙත් නොයෙයි - වයස
ගහේ නම නොකියන මලේ නම - පනාමල
අල්ලගත්තා පෙරල ගත්තා වැඩේ කරා - මිරිස් ගල
දානකොට දිගයි ගන්නකොට කොටයි ඔලුව රතු පාටයි
මොකක්ද ?—ගිනි පෙනෙල්ල
අත ගාලා කෙලින් කරා කෙල දාලා ඇතුල් කරා--idikkatuwata nul demima
කහා මමගෙ කලු ඇටෙ--ලාවුලු
ගහනකොට නගින්නෑ නගිනකොට ගහන්නෑ -- බස් එකේ බෙල් එක
සුපුන් සදයි මැද්දෙ හිලයි තුනම එකට බස්සන්නේ
පස්ස ඔබාලා බඩ මිරිකාලා රෑටයි ඒකෙන් වැඩ ගන්නේ--
ටෝච් එක
ගහන්න ගහන්න සනීපයි -- හුලං
අක්කා ලග නැත . නංගී ලග ඇත. සමනලයාගේ මැද ඇත. නන්දසේන ගේ දෙපත්තේ ඇත 😁 -- න
දෙකක් උස්සලා එකක් අස්සේ ගහනවා--Mahindasiri Jayasingha පොල් අතු වියනවා
මලක් උඩ මලක් පියාබන මලක් - සමනලයා
ගල් වැටි දෙක මැද නයා- දිව
ලෙඩ දෙකක් ඇති සතා - කොරවක්කා
කෑවොත් පරතුරක් කැපුවොත් මරනයක් - බෙලි
රසම රස පලතුරක්.
හැබැයි
භයානක උපකරණයක්....
-- දං ගෙඩිය
තාත්තට ගෑවෙන්නෙ නෑ අම්මාට ගෑවෙනවා -- තොල්
No comments:
Post a Comment